පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක් බදුල්ල මහාධිකරණය විසින් අද (28) නියමකර ඇත.
අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහු ගේ රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවරූ නඩුවක් විභාග කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි, චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකටත් ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකටත් වැරදිකරු බවට තීරණය කරඇත.
කෙසේ නමුත් රියදුරු බන්දුල රත්නායක මිය ගොස් ඇති බවට මෙහි දී අනාවරණය වී තිබෙනවා.
2019 වසරේ පෙබරවාරි 10වන දා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසල දී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටිය දී ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යෑම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින් බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේ දී අනාවරණය වී තිබෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
