Image

මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන්දැනට බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිරීමට අවසර

මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන්දැනට බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිරීමට අවසර

මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් 32 දෙදෙනකු ඝාතනය වීම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිරීමට අවසර ඇති බව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා  සඳහන් කළා ය.

අධිකරණ කටයුතු ආරම්භ කර බන්ධනාගාරගත රැඳවියන් නඩු සඳහා ඉදිරිපත් කිරීමට ගත් අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කැමති රැඳවියන්ට ඊට අවසර හිමි බවයි. ඒ අනුව යම්කිසි රැඳවියකු ඒ සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක් දක්වන්නේ නම් අත උස්සා ඒ සඳහා ඉදිරිපත් වන ලෙස නියෝග කළා ය; නමුත් ඒ සඳහා කිසිඳු රැඳවියකු ඉදිරිපත් වුයේ නොමැත.

මේ අතර මහාධිකරණය මගින් ඇප ලබා ගෙන බන්ධනාගාරයෙන් පිටව යන රැඳවියන් බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ සාක්ෂි කැඳවනු ලැබීය. මේ වන විට රැඳවියන් 28ක් සාක්ෂි ලබා දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න