දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනි නිශාන්ත වික්‍රමසිංහ ගේ සිද්ධියට අදාලව විමර්ශන අවසන් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද ( 28) අල්ලස් කොමිසට නියෝග කළේ ය.
නඩුව දෙසැම්බර් 8 වන දින නැවත කැඳවීමට මෙලෙස නියෝග කළේ සැකකරු අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ය.
2014.01.22 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මඟින් රජයට ඇ.ඩො. 4512 ක් පාඩු කිරීම පළමුවන චෝදනාව වනවන අතර 2014.01.26 වන දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගින් 75 දෙනෙකු අංක UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇ.ඩො. 19,160 ක් රජයට පාඩු කිරීම දෙවන චෝදනාව වේ. 2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000/- වියදම් කිරීම යන චෝදනා තුන යටතේ නඩු පවරා තිබුණා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
