තිස් වසරක යුද්ධය අවසානය මානුෂික යුද්ධයක් ලෙස හැඳින්වු ද යුද්ධයෙන් අනතුරුව සමාජයේ කතා බහට ලක්වූ සුදු කොඩි කතා ඇතුළු විවිධ සිදුවීම් හේතුවෙන් එම යුද්ධයේ ම්ලේච්ඡත්වය ලෝකය පුරා ම කතා බහට ලක් වූයේ යැයි අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.


