Image

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සේවා නිලධාරිනිය ඇප මත මුදා හරියි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සේවා නිලධාරිනිය ඇප මත මුදා හරියි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල නොවන වාහන පැවරීමකට අදාළව සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් එම දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරිනියක ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද ( 27) නියෝග කළේ ය.

සැකකාරිය ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිිමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේ ය.

එලෙස එලෙස ඇප මත මුදා හැරියේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු වූ විජේසේකර ආරච්චිගේ චන්ද්‍රා විජයසේකර නමැත්තිය යි.

සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගු නිෂ්කාශනයකින් තොරව සහ රේගු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කිරීමේ චෝදනා මත යැයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වු විමර්ශන නිලධාරීයා පවසා සිටියේ අදාළ මෝටර් රථයේ පළමු පැවරීම සිදු කිරීම සඳහා කවුළු අංකයක් ලබාදී, එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කළ බවට ද චෝදනා එල්ල කළ බවයි.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් පස් දෙනෙකු මේ වන විට ඇප මත මුදා හැර තිබෙන බව ද මෙම සැකකාරිය හය වන සැකකාරිය බව ද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න