Image

විමල් වීරවංශ ගේ සොහොයුරු සරත් වීරවංශට ඇප

විමල් වීරවංශ ගේ සොහොයුරු සරත් වීරවංශට ඇප

විමල් වීරවංශ ගේ සොහොයුරු සරත් විරවංශ ඇප මත මුදා හැරිමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 28 නියෝග කළේ ය.

රුපියල් ලක්ෂ 100 මුදල් ඇප රුපියල් ලක්ෂ 100 බැගින් ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ගේ විදේශ ගමන් ද තහනම් කරමින් නියෝග නිකුත් කළේ ය.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 41ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් තිදෙනකු ඇප මත මුදා හැර ඇත.

මෙම වාහන ඥාතීන් පස් දෙනකුට, ජාතික නිදහස් පෙරමුණ සාමාජිකයන් 10කට සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් 22ට දී ඇති බවට විමර්ශන අනාවරණය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න