Image

සාරනාත් ලෝක උරුමයක් කළ සැමට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ කෘතඥතාව

සාරනාත් ලෝක උරුමයක් කළ සැමට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ කෘතඥතාව

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු බරණැසට වැඩම කර පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ  සාරානාත් පුදබිමේ ධම්මික ස්තූපය (Dhamek Stupa) ලෝක උරුමයක් ලෙස නම් කිරීම පිළිබඳව යුනෙස්කෝ සංවිධානයට සහ  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ප්‍රමුඛ ඉන්දීය රජයට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ පුණ්‍යානුමෝදනා පූර්ව කෘතඥතාවය පළ කර සිටියි.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක සාංචි චේතියගිරි විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියෝ  මෙලෙස   කෘතඥතාවය පළ කරන බව සඳහන් කරති.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් ගේ 1931 සාරනාත් පුදබිමේ මූලගන්ධිකුටි විහාරය ඉදි කර සියවස් ගණනාවක් සැඟවී තිබූ මෙම පුදබිම යළි ලෝක බෞද්ධ ජනතාවට උරුමකර දුන්නේ ය. ශ්‍රීමත් ධර්මපාලතුමන් පැවිදි දිවියට ඇතුළත්ව උපසම්පදාව ලැබුවේ ද අවසානයේ අපවත් වූයේ ද සරනාත් පුදබිමේ ය.

saranathai

"යටපත් වී තිබූ ධම්මික ස්තූපය හෙවත් ධමෙක් ස්ථූපය 1835-36 කාලයේ දී මතු කර ගනු ලැබූයේ ශ්‍රීමත් අලෙක්සැන්ඩර් කණින් හැම් මහතා විසින් බව සිහිපත් කළ නාහිමියෝ පැවිදිවීම සඳහා දඹදිවට ගිය මා බරණැස මහාබෝධි විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබුවේ ද සාරනාත් පුදබිමේ සිට බව ද කියා සිටිති. එකල එහි පුරාවිද්‍යා කැණීම් කළ මනි නැමති මා හිතවත් පුරාවිද්‍යා නිලධාරියෙකි.ඔහු කැණීම් කරන ආකාරය මම හැමදාම බලාගෙන හිටියා. පසු කලක පුරාවිද්‍යා උපාධිය කිරීමට මට ආසාව ඇති වූයේ ඔහු එම කැණීම් කටයුතු කරන අයුරු දැකීමෙන්,"  යැයි බව බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

WhatsApp Image 2026 07 28 at 4.44.34 PM 1

ශ්‍රීමත් ධර්මපාලතුමන් හෙවත් සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්  ඉන්දියාවේ බුදු දහම නගා සිටුවීමට සහ දඹදිව පූජනීය බෞද්ධ පුදබිම් ආරක්ෂා කිරීමට ගෙනගිය දැවැන්ත මෙහෙවරෙහි අවසාන සහ වඩාත්ම අධ්‍යාත්මික  අවධිය උන් වහන්සේ ගත කළේ  සාරනාත් පුද බිමේ ය.

WhatsApp Image 2026 07 28 at 4.44.34 PM

එම නිසා සාරනාත් පුදබිම ලෝක උරුමයක් ලෙස නම් කිරීමට කැප වී කටයුතු කළ ඉන්දියා අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ප්‍රමුඛ රජයට සහ යුනෙස්කෝ මහලේකම් Khaled El-Enany මහතාට  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සහ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පුණ්‍යානුමෝදනා පූර්වක කෘතඥතාවය පුද කරන බව බානගල උපතිස්ස නා හිමියෝ සඳහන්  කරති.

ජේ. මුණසිංහ                                              

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න