Image

රාජාංගනයේ සද්ධාරතන හිමිට වරෙන්තු!

රාජාංගනයේ සද්ධාරතන හිමිට වරෙන්තු!

ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන්  සමාජ මාධ්‍ය හරහා ආන්දෝලාත්මක  ප්‍රකාශ කළැයි පැවසෙන සිද්ධියට අදාලව අධිකරණයේ පෙනී නොසිටි රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (25) වරෙන්තු නිකුත් කළේය.

සිද්ධියට අදාලව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. තවද ඇපකරුවන්ට නොතිසී නිකුත් කිරීමට ද නියෝග කළේය.

ඒ අනුව, සිද්ධියට අදාල නඩුව රස පරික්ෂක වාර්තා සදහා ලබන පෙබරවාරි 24 වන දින යළි කැඳවිමට නියමිතය.

සමාජ මාධ්‍ය හරහා ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් ප්‍රකාශ කළැයි කියන සිද්ධියට අදාළව සැකකාර රාජාංගනයේ සද්ධාරත්න හිමි මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න