එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු මෝටර් රථ වාහන පනතේ චෝදනා තුනකට අදාළව අධිකරණයේ දී වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට චෝදනා තුනටම අදාළව එක් ලක්ෂ තිස්දහසක (130,000) දඩ මුදලක් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (25) නියම කළේය.
මීට අමතරව අදාළ එකලස් කර සන්තකයේ තබා ගන්නා ලද එම වාහනය රාජ සන්තක කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එක් එක් චෝදනාවට අදාළව නියම කරන ලද දඬුවම් පහත පරිදි වේ:
පළමුවැනි චෝදනාව: රුපියල් පන්දහසක (5,000) දඩ මුදලක් නියම කළ අතර, එම දඩ මුදල නොගවන්නේ නම් මාස 1 ක ලිහිල් සිරදඬුවමක් නියම කෙරිණි.
දෙවැනි චෝදනාව: රුපියල් ලක්ෂයක (100,000) දඩ මුදලක් නියම කළ අතර එය නොගවන්නේ නම් මාස හයක ලිහින් වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරිණි. එමෙන්ම මෙම දෙවන චෝදනාවට අදාළව මාසයක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර පහකට අත්හිටුවීමටද නියෝග කළේය.
තුන්වැනි චෝදනා: රුපියල් විසිපන්දහසක (25,000) දඩ මුදලක් නියම කළ අතර එය නොගවන්නේ නම් මාස තුනක ලිහිල් සිර දඬුවමක් නියම කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
