ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර විශ්වාසය දිනාගත් MCI ටොප්ක්‍රොප් හයිබ්‍රිඩ් කැට පොහොර නිෂ්පාදනය හා සම්බන්ධව ක්‍රියාත්මක කෙරෙන “ටොප්ක්‍රොප් රන් කාසි වැස්ස " ප්‍රර්වර්ධන වැඩසටහනේ පළමු රන් කාසිය දිනා ගැනීමට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවි මහතෙකු සමත්ව තිබේ.
මෙම වැඩසටහනේ පළමු වාසනාවන්ත ජයග්‍රාහකයා ලෙස තේරී පත්ව ඇත්තේ ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි කමලාඩීන් මොහොමඩ් අයාස් මහතා ය.
වසර හතරකට ආසන්න කාලයක් තම කුඹුරු වගාව සඳහා ටොප්ක්‍රොප් හයිබ්‍රිඩ් කැට පොහොර භාවිත කරන ඔහු, එම නිෂ්පාදනය පිළිබඳ තම විශ්වාසය සහ වගා කටයුතුවලදී ලැබූ අත්දැකීම් ද බෙදාගත්තේ පසුගිය නොවැම්බර් 09 වැනිදා ත්‍රිකුණාමලය, කින්නියාහි රමීෂ් ස්පෝර්ට්ස් පරිශ්‍රයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදීය.
මෙහිදී පළමු ජයග්‍රාහකයා වෙත රන් කාසිය නිල වශයෙන් ප්‍රදානය කෙරුණු අතර, වැඩසටහන යටතේ තෝරාගත් තවත් වාසනාවන්ත ගොවි මහතුන් පිරිසකට සැනසිලි ත්‍යාග ද පිරිනැමිණි.
දිවයින පුරා ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන "ටොප්ක්‍රොප් රන් කාසි වැස්ස " ප්‍රවර්ධන වැඩසටහන යටතේ තවත් වටිනා ත්‍යාග රැසක් දිනාගැනීමේ අවස්ථාව පවතින බව MCI පොහොර සමාගම පවසයි. ඒ අනුව, ඉදිරියේදී තවත් වාසනාවන්ත ගොවීන් පිරිසකට මෙම වැඩසටහන ඔස්සේ ත්‍යාග හිමිකර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
