Image

බදු වැඩි නොකර 2027 අයවැයෙන් ව්‍යාපාර සහ රැකියාවලට තල්ලුවක් – භාණ්ඩාගාර ලේකම්

බදු වැඩි නොකර 2027 අයවැයෙන් ව්‍යාපාර සහ රැකියාවලට තල්ලුවක් – භාණ්ඩාගාර ලේකම්

2027 අයවැය මඟින් රටේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් පවත්වාගෙන යමින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වර්ධනය, ආයෝජන ප්‍රකෘතිමත් සහ රැකියා උත්පාදනය සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ඇති බව භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ AICPA & CIMA ශ්‍රී ලංකා ආයතනය විසින් “The 2027 Budget and Beyond: Navigating the Future of Business and Growth” යන තේමාව යටතේ පසුගිය දා සංවිධානය කළ පශ්චාත් අයවැය සංවාදයට එක්වෙමිනි.

2025 සහ 2026 වසරවල අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිමය ප්‍රවේශය අණ්ඩව පවත්වාගෙන යමින්, 2027 අයවැය තුළින් ද දිගුකාල, පුරවැසියන් සහ ආයෝජකයන්ගේ ඉදිරි වසර පිළිබඳ විශ්වාසයක් ගොඩනැගීම අරමුණු කර ඇති බව භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති හඳුනාගැනීම සහ ප්‍රතිපදන වෙන් කිරීම වඩාත් විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ සිදුකරන අතර, ව්‍යාපාරවල සුගමතාව, ශක්‍යතාව, ආර්ථික බලපෑම සහ ආර්ථිකයට එක් කරන වටිනාකම සලකා බලා ගනිමින් ප්‍රමුඛතා තීරණය කරන බව ද ඔහු පැවසීය.

රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා බදු අනුපාත ඉහළ නැංවීම වෙනුවට බදු පදනම පුළුල් කිරීම, ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියේ ශක්තිමත් කිරීම සහ ඩිජිටල්කරණය හරහා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බව ද භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කළේය.

ඒ තුළින් අධික බදු කාර්යබහුල ක්‍රියාකාරකම් විධිමත් ආර්ථිකයට ක්‍රමානුකූලව එක් කරමින් ව්‍යාපාර සහ පුරවැසියන්ට රජය සමඟ කටයුතු කිරීම පහසු කිරීම අරමුණු කරසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් (SMEs) සඳහා 2027 වසරේ රුපියල් බිලියන 174ක මුළු සහායක් ලබා දීමට ඇති අතර, එමගින් ව්‍යාපාරවලට ස්ථාවරව වැඩිදියුණු කිරීම, නව තාක්ෂණය සහ යන්ත්‍රෝපකරණ භාවිතය, උපදේශන සේවා ලබාගැනීම සහ අපනයන වෙළෙඳපොල වෙත ප්‍රවේශ වීම පිණිස විවිධ පහසුකම් ලබා දීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

එමෙන්ම, 2027 වසරේ රුපියල් ට්‍රිලියන 2ක ප්‍රමාණයෙන් ප්‍රතිපාදන ආර්ථිකය සහ ව්‍යාපාරික කේෂ්ත්‍රයට ගැළපෙන පරිදි පුහුණු කාර්යය සඳහා ලබාදීමට ඉදිරිපත් වූයේ, ව්‍යාපාරිකයා සහ අවස්ථා සකස් කිරීම සහ නව රැකියා ඇති කිරීමට අරමුණු කර ඇති බව ද භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පෙන්වා දුන්නේය.

ආර්ථික බාහිර කම්පනවලට මුහුණ දීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කරමින්, ආර්ථික ආරක්ෂණ සංවිත වර්ධනයක් කර ගැනීමට සහ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගීතාව අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.

මෙම සංවාදයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, John Keells Holdings පාලන මණ්ඩලයේ අධ්‍යක්ෂ ගිහාන් කුරේ මහතා, Advocata ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා සහ KPMG ශ්‍රී ලංකා ප්‍රධාන බදු නියමිත නිලධාරී සුරේෂ් අයි.ආර්. පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වුහ .

-ජේ.මුණසිංහ-

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න