Image

ජයරත්න සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරියකට අපහාස කළ බව කියන සැකකරු රිමාන්ඩ්!

ජයරත්න සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරියකට අපහාස කළ බව කියන සැකකරු රිමාන්ඩ්!

අවමංගල්‍ය සේවා සපයන ප්‍රධාන පෙළේ සමූහ ව්‍යාපාරයක් වන ජයරත්න සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරියක් ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන්ට අපහාස වන ආකාරයෙන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ හඬ පටයක් හා ඡායාරූපයක් විකෘති කර සකස් කරන ලද තොරතුරු පළ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනා කර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය අද (24) පස්වරුවේ නියෝග කළේය.

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයකු යැයි පැවසෙන බ්‍රයන් සමරසිංහ නමැති මෙම සැකකරු, අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

දණ්ඩ නීති සංග්‍රහයේ(සංශෝධිත) 345 වගන්තිය යටතේ ගැනෙන ලිංගික හිරිහැර කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 486 සහ 285 යන වැරදි සිදුකළ බවට චෝදනා කරමින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නඩුව කැදවූ අවස්ථාවේර්දී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරාගේ උපදෙස් මත නීතිඥ දිමිත්‍රී අභයරත්න සමග පෙනීසිටි ජනාධිපති නීතිඥ නෙවිල් අභයරත්න කළ කරුණු දක්වමින් අදාළ විඩියෝව ‘මුහුණු පොත’(facebook) තුළ පරිශීලකයන් 5000 ක් පමණ නරඹා ඇති බවත්, එම නිසා සිය සේවාදායිකාව ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන්ට පිරිමැසිය නොහැකි අගතියක් සිදුවී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් ඔවුනට සිදුව ඇති මානසික කම්පනය පීඩාව හා කීර්ති නාමයට සිදුවී ඇති හානිය මෙන්ම ලිංගික හිරිහැරය කිසිසේත්ම සුළු කොට තැකිය නො හැකි බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙලෙස රක්ෂිත බන්ධනාගාර නියෝගය නිකුත් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න