ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද උපරිමාධිකරණ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම වෙනුවෙන් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
අධිකරණයේ මෙම තීන්දුව කථානායක ජගත් වික්‍රමරත්න විසින් අද (22) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කරන ලදී. එමෙන් ම මෙම අවස්ථාවේ ධුරය දරන අග්‍රවිනිශ්චයකාරවරයාට වසර 06ක ධුර කාලය අදාළ නොවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව එම අවස්ථාවේ දී කතානායකවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
තව ද, මහාධිකරණයේ සිට පහළට ඇති අධිකරණවල විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා විසින් නිවේදනය කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
