Image

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026: (සංකථන මණ්ඩපය)

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2026: (සංකථන මණ්ඩපය)

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන ‘සංකථන මණ්ඩපය’ සංවාද අවකාශය තුළින් සාහිත්‍යමය, කලාත්මක හා සංස්කෘතික වැඩසටහන් රැසක් පාඨකයන් වෙත තිළිණ කිරීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු යොදා තිබේ.

මෙම වැඩසටහන් මාලාව යටතේ, නූතන කවියේ නව ප්‍රවණතා පිළිබඳ විමසා බැලෙන විශේෂ සාහිත්‍ය සංවාදයක් 2026 සැප්තැම්බර් 29 වන අඟහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 11.00 දක්වා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේදී සම්මාන ලාභී ලේඛක ලේඛිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

වත්මන් කවිය වෙනස් වෙමින් පවතින ආකාරය, නව පරපුරේ කවියන්ගේ හඬ, අත්දැකීම් සහ භාෂා භාවිතය තුළින් මතුවන නව ප්‍රවණතා මෙන්ම සම්ප්‍රදාය හා නූතනත්වය අතර කවිය ගමන් කරන නව මංපෙත් පිළිබඳව මෙහිදී සංවාදයට බඳුන් කෙරෙනු ඇත.

කවියට ආදරය කරන, කවි ලියන සහ කවි කියවන ඔබ සැමට මෙම සංවාදයට සහභාගී වී අදහස් බෙදා හදා ගන්නා ලෙස සංවිධායක මණ්ඩලය ගෞරවයෙන් ආරාධනා කර සිටියි.

817902624 1485356393616767 6952188297972016588 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න