Image

හදිසි තත්වයකට මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුයි - අමාත්‍ය හර්ෂණ නානායක්කාර

හදිසි තත්වයකට මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුයි - අමාත්‍ය හර්ෂණ නානායක්කාර

බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් මුහුණදීමට සහ රැදවියන්ගේ සුභ සාධනය මුලික කර ගනිමින් දිවයිනේ සියලු බන්ධනාගාර තුළ ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ වීරවිල එළිමහන් කදවුර මුලික කරමින් එම යාන්ත්‍රණය පිහිටුවීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන්  (19) දින පස්වරුවේ එම බන්ධනාගාර පරිශ්‍රයේ සිදු කළේ ය.

ඒකාබද්ධ යාත්‍රණයක් පිහිටුවීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අමාත්‍යවරයා සඳහන් කලේ හදිසි තත්වයකට මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් කටයුතු කිරීම තුළින් හදිසි අවස්ථා මනාව කළමනාකරණය කරගත හැකි බවයි.

වීරවිල එළිමහන් කදවුර තුළ කමිටුව පිහිටුවීමේ අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති, හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් අංජලා අමාලි, බන්ධනාගාර අධිකාරී සී. එන්.ප්‍රනාන්දු, රියර් අද්මිරාල් එච්. එන්. එස්. පෙරේරා , තිස්සමහාරාම ප්‍රාදේශිය ලේකම් නිශාන්ත ඉන්දික යන අය සහ නාවික හමුදාව, පොලීසිය, ජල සම්පාදන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහු ද සහභාගි වූහ.

796440026 1535738981922198 8335397103118247003 n

819602069 1535738978588865 2810324959084136970 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න