Image

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවෝ 15ක් වරදකරුවෝ වෙති; නව දෙනකු නිදොස් කර නිදහස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවෝ 15ක් වරදකරුවෝ වෙති; නව දෙනකු නිදොස් කර නිදහස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා තිබූ දීර්ඝ නඩුවේ විත්තිකරුවන් 24 දෙනා අතුරින් 15 දෙනෙකු කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වරදකරුවන් ලෙස නම් කර ඇත.

මෙලෙස නම් කර ඇත්තේ එම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ ය.

විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ පවරා තිබූ දීර්ඝ නඩුවේ තීන්දුව මේ වන විට අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

අධිකරණය මෙලෙස විත්තිකරුවන් 15 දෙනා වරදකරුවන් බවට පත් කර ඇත්තේ නීතිපතිවරයා විසින් ගොනු කරන ලද සියලු චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත් වී ඇති බැවිනි.

නඩුවේ අංක 01 සිට 09 දක්වා සහ 11,15,16,18,19 විත්තිකරුවන් සියලු චෝදනාවලට වරදකරුවන් වී ඇත; 10වන විත්තිකරුට එරෙහිව තිබූ 16වන චෝදනාවෙන් පමණක් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන ඇත. මෙම නඩුවේ 12, 13, 14, 17, 20, 21, 23, 24 සහ 25 යන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න