ශ්‍රී ලංකා ආර්ථිකයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් ෆිච් රේටින්ස් ආයතනය විසින් ඊයේ (22) ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම B- දක්වා ඉහළ දමා ඇත.
ශ්‍රී ලංකාව වසර දෙකකට ආසන්න කාලයක් තුළ RD හෙවත් සීමිත පැහැර හැරීමේ තත්ත්වයේ සිට B- දක්වා පැමිණීම මෙරට ආර්ථික ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි. මෙය රට බංකොලොත්භාවයෙන් මිදී තිරසාර සංවර්ධනය කරා යන ගමනේදී ලැබූ විශාලතම ජයග්‍රහණයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
අලුත්ම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, කෙටිකාලීන විදේශ විනිමය ශ්‍රේණිය B දක්වාත්, දේශීය විනිමය දිගුකාලීන ශ්‍රේණිය B- දක්වාත්, දේශීය විනිමය කෙටිකාලීන ශ්‍රේණිය B දක්වාත් උසස් කර තිබේ. එමෙන්ම, මෙරට ආර්ථිකයේ ඉදිරි දැක්ම ස්ථාවර (Stable) ලෙස නම් කර ඇති අතර රටේ ණය සීමාව (Country Ceiling) B- ලෙස තහවුරු කර ඇත. මෙරට පසුගිය කාලීන ශ්‍රේණිගත කිරීම් ඉතිහාසය දෙස බැලීමේදී, 2023 සැප්තැම්බර් සිට 2024 සැප්තැම්බර් දක්වා කාලයේදී ශ්‍රී ලංකාව පැවතියේ RD (සීමිත පැහැර හැරීමේ) තත්ත්වයේ ය.

ඉන් අනතුරුව 2024 දෙසැම්බර් මාසයේදී CCC+ මට්ටම දක්වා පැමිණි අතර, 2025 ඔක්තෝබර් මාසයේදී එම CCC+ මට්ටම තහවුරු කෙරිණි. මෙසේ වසර දෙකකට ආසන්න කාලයක් තුළ RD තත්ත්වයේ සිට B- මට්ටම දක්වා පැමිණීමට ලැබීම මෙරට ආර්ථිකයේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කිරිමක් වේ.
ජේ. මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
