V2025

පුවත්

ණය සහන ක්‍රියාවලිය අරඹන්න පැරිස් ක්ලබ් සූදානම් !

ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව "පැරිස් සමාජ සාමාජිකයෝ" (Paris Club Members) සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් පැරිස් සමාජය පවසන්නේ ණය පිළියම් පටිපාටියක් ආරම්භ කිරීමට සූදනම් අතර කාලෝචිත පරිදි අවශ්‍ය මූල්‍ය රක්ෂණ සැපයීම සහ අවශ්‍ය මූල්‍ය සහතික කිරීම් නියමිත වේලාවට ලබා දීම සඳහා පැරිස් සමාජයේ නොවන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සම්බන්ධීකරණය කිරීමට ඇති කැමැත්ත නැවත අවධාරණය කරන බවය.

දීර්ඝ කළ ණය පහසුකම් යටතේ මාස 48ක කාලයක සැලැස්මක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පැවති නිලධාරී මට්ටමේ ගිවිසුම පැරිස් සමාජය විසින් පිළිගෙන ඇත.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ රාජ්‍ය ණය තිරසාරත්වය පවත්වාගෙන යාම සඳහා වූ වැදගත් පියවර මෙම ගිවිසුමෙහි අන්තර්ගතය.

අනෙකුත් නිල ද්විපාර්ශ්වීය ණය හිමියන්ට ද දැනටමත් යෝජනා කර ඇති පරිදි සාධාරණව කටයුතු කිරීමට ඇති හැකියාව ද ඔවුන් තහවුරු කර තිබේ.

ගෝඨාභය වෙනුවෙන් සීතා සූදානම් !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සීතා අරඹේපොළ සඳහන් කරයි.

නමුත් එවන් ඉල්ලීමක් මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ වෙනත් කිසිවෙකු මෙතෙක් කර නැතැයි ද ඇය කියා පවසයි .

හිටපු ජනාධිපති රාජපක්ෂ  පාර්ලිමේන්තුවට පැමිණීමේ බලාපොරොත්තුවක් නැති බව කී මන්ත්‍රීවරිය එවන් කතාවක් පක්ෂය තුළ හෝ මෙතෙක් සිදුවී ඇති බවද පැවසුවාය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු එන කථාව සමාජ මාධ්‍ය විසින් පළ කරන ලද බොරුවක් විය යුතු බවද මන්ත්‍රීනිය වැඩිදුරටත් සඳහන් කර ඇත .

අත්‍යාවශ්‍ය නියම කර ගැසට් නිවේදනයක් එයි !

දෛනික ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බිදුලිබල සැපයුම හා ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව නැවත වරක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද( 03) ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත .

අද 03) සිට බල පැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවාව, ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යාවශ්‍ය සේවා බවට පත්කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විදුලිබල අමාත්‍යාංශයේ අදාළ අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව කරන ලද ඉල්ලීම අනුව, 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය යටතේ, ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

මීට පෙරද මෙම සේවා අත්‍යාවශ්‍ය සේවා බවට නියම කරමින් ජනාධිපතිට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022-08-03 දිනැතිව නිවේදනයක් නිකුත් කරන ලදී.

උක්ත පනතේ 3(2) වන වගන්තියේ ප්‍රතිපාදන අනුව, එම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් වෙත දන්වන ලද අතර, එම යෝජනාව සම්මත වීමෙන් පසුව එම නියෝගය මාසයක කාලයක් සඳහා වලංගුව පැවතුනි. ඒ අනුව එකී නිවේදනයේ වලංගු කාලය 2022-09-02 දිනෙන් පසුව අවසන් විය.

නැවතත් විෂය භාර අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු හෙයින් 2022 සැප්තැම්බර් 03 දින සිට උක්ත සඳහන් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

ගෝඨාභය නවතින්නේ බී විස්සේ !

විරෝධතා උත්සන්න වෙද්දී රටින් පැනල ගිහින්, ජනාධිපති කමෙනුත් ඉල්ලා අස්වුණ, ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) මධ්‍යම රාත්‍රීයේ ලංකාවට ආවා.
ඒ, සිංගප්පූරු ගුවන් සේවයේ SU-468 ගුවන් යානයෙන්. රාත්‍රී 11.48ට විතර වගේ තමයි ආවේ. ගෝඨාභය එක්ක තවත් තුන්දෙනෙක් හිටියා.

ඒ බිරිඳ , සුගීශ්වර සහ ආරක්ෂක නිලධාරියා.

ගෝඨා ව පිළිගන්න මැති ඇමතිවරු සෑහෙන පිරිසක් ඇවිත් හිටියා.. 40ක් විතර ඇවිත් හිටියා කියලා තමයි කියන්නේ. ප්‍රසන්න , ටිරාන් , නාමල් , රමේෂ් ඉස්සරහින්ම හිටියලු.

ආරංචියේ හැටියට ගෝඨා ට ලොකු ආරක්ෂාවක් දෙන්න, ජනාධිපති රනිල් ත්‍රීවිධ හමුදාපතිවරුන්ට වගේම, පොලිස් පතිටත් ඕඩස් දීලා. සැහෙන්න ආරක්ෂාවක් දාලයි තියන්නේ.

ගෝඨාභය හිටපු ජනාධිපති තුමාගේ පදිංචියට, නිල නිවාසයක් හොයන්න සෑහෙන්ඩ අමාරුවෙලා. අන්තිමේ දී විමල් වීරවංශ ඇමති කාලේ පදිංචි වෙලා හිටපු, බුලස් පාරේ නිල නිවාසේ ගෝඨා ට දෙන්න තින්දුවෙලා තියනවා.

ඒක දීලා තියන්නේ තාවකාලික පදනමෙන්.. මහින්ද රාජපක්ස හිටපු ජනාධිපතිතුමා තව ටික දවසකින් ආයෙත් විජේරාම නිල නිවාසෙට ගියාම , මහින්ද දැනට පදිංචිවෙලා ඉන්න පැජට් පාරේ B 20 ගෙදර ගෝඨා ට දෙන්න කියල ජනාධිපති අදාළ බලධාරීන්ට කියල.

මේ දවස්වල ජනාධිපති රනිල් ඉන්නෙත් ඔය පැජට් පාරේ. මෛත්‍රීපාල සිරිසේන හිටපු නිල නිවසේ..

ගෝඨාභය රාජපක්ෂ ඊයේ තායිලන්තයෙන් එන්න ඉස්සෙල්ල, කේක් එකක් ගෙනත් කපලා. මොකද ඊයේ සුගීස්වරගේ උපන් දිනේ.

ඊට පස්සේ තමයි එයාපෝර්ට් එකට ඇවිත් තියෙන්නේ . එයාපෝර්ට් එකේදී තායිලන්තයේ නියෝජ්‍ය අගමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇවිත් ගෝඨාභය එක්ක සතුටු සාමීචියෙ යෙදිලා කියලත් ආරංචියි. ඒ වගේම දැඩි ආරක්ෂාවකුත් දීලා තිබිලා තියෙන්නේ .

ඊළඟට ගෝඨාභය ආවේ සිංගප්පූරුවට. එතන ට්‍රාන්ස්සිස්ට් එක පැය 3ක්ලු. සිංගප්පූරු එයාපෝර්ට් එකේ අමුත්තන්ගේ රූම් එකක තමයි ඉඳලා තියෙන්නේ . එතනට චන්ද්‍රදාස කියලා සිංගප්පූරු රජයේ නියෝජිතයෙක් ඇවිත් . ඒ වගේම සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපතිනිය වුණු ශෂී ප්‍රේමවර්ධන ත් ඇවිත් ඉඳලා තියෙනවා .

- දේශපාලන වාර්තාකරු

ගෝඨා පිළිගන්න මැති ඇමතිවරු 30කට වැඩි පිරිසක් ගිහින් !

ජනතා විරෝධය හමුවේ මෙරටින් පලාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ සිට ඊයේ (02) රාත්‍රී 11.47ට දිවයිනට පැමිණියේය. ඒ සිංගප්පුරු ගුවන් සේවයට අයත් SQ 468 දරණ ගුවන් යානයෙනි.

 ඒ මොහොතේ 30 දෙනකුට වැඩි සංඛ්‍යාවක පිරිසක් ගුවන් යානය අසළට පැමිණ හිටපු ජනාධිපතිවරයා මල් මාලා දමා පිළිගත් බවත්, පසුව ප්‍රභූ පර්යන්ත පිවීසුමෙන් ඔහු ගුවන් තොටුපලෙන් නික්ම ගිය බවත් ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු පැවසුවේය.

මෙම අවස්ථාවට ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, ටිරාන් අලස්, නාමල් රාජපක්ෂ ද පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ද එක්ව සිටියේය.

ඊයේ පෙරවරුවේ තායිලන්තයේ සිට සිංගප්පුරුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා, සිංගප්පුරු ගුවන් තොටුපලේ පැය 3කට ආසන්න කාලයක් රැඳී සිට ඇත.

හිටපු ජනාධිපතිවරයා කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි නිල නිවසට ඊයේ (02) රාත්‍රී 12.50 ට පමණ පැමිණියේය.

පලාගිය ගමන් මඟ

ජූලි 09 වැනිදා ගාලු මුවදොර ඇතුලුව රටපුරා ඇති වූ දැවන්ත ජන අරගලය හමුවේ බලයෙන් පහ කෙරුණු ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මලදිවයින බලා පිටත්ව ගියේය.

ඒ සිය බිරිඳ හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟය.

ඊට පසුදින ඔහු සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පුරුවට පැමිණියේ දින 14ක තාවකාලික සංචාරක වීසා බලපත්‍රයක් මතය.

ඉන් පසු තවත් දින 14කට එම සංචාරක විසා බලපත්‍රයට දිගුවක් ලබා ගත් බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ වන විට දින 28ක පමණ කාලයක් සිංගප්පුරුවේ ගත කොට තිබිණ.

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවේ සිට තායිලන්තයේ දොන් මුඇන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපලට අගෝස්තු 11, එරට වේලාවෙන් රාත්‍රී 8.15 පමණ මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අවසන් වරට ළඟා විය.

තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක ටැනී සැන්ග්‍රාට් එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට ඇතුලු වීමට ඉඩ දෙන ලෙස වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩු පාර්ශවයෙන් ඉල්ලීමක් ලැබී ඇති බවයි.

පාන් ගෙඩියක මිල රු. 300යි !

පාන් ගෙඩියක් රුපියල් 300ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ , පාන් පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ පාන් ගෙඩියක් රුපියල් 300කට අලෙවි කරන්නැයි දිවයිනපුරා බේකරි හිමියන්ට උපදෙස් ලබා දී ඇති බවය

අවුරුද්දට දින 365 යි : රාජ්‍ය සේවය වැඩ දින 191 යි - මනූෂ

දින 365න් රාජ්‍ය සේවකයින් සිය රාජකාරී සිදුකරන්නේ දින 191ක් පමණක් බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි .

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (02) පාර්ලිමේන්තුවේ අතුරු අයවැය විවාදයේදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු මෙසේ පැවසීය .

“රාජ්‍ය සේවයේ පඩි සහිත නිවාඩු 45ක් තිබෙනවා. රජයේ නිවාඩු 149ක් තිබෙනවා ආසන්න වශයෙන්. ඒ අනුව සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෙක් දින 365න් වැඩ කරන්නේ දින 191යි.

ඉතාමත්ම බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව අපි දැනටමත් ඵලදායිතා ලේකම් කාර්යාලයට නියෝග ලබාදීලා තිබෙනවා ඉතා ඉක්මණින් මේ ඵලදායිතා ගැන පරීක්ෂණ කරන්න.

“ඒ ඒ අයගේ ඉලක්ක අනුව වැඩකරන් යන ක්‍රමවේදයක් හොයන්න කියන එක ජනාධිපතිවරයාත් කියලා තියෙනවා.”

පෝලිම් යුගය අවසන් : ලිට්‍රෝ ගෑස් මිලත් පහළට !

ගෑස් මිල තවදුරටත් පහළ හෙළීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් පස්වන දින සිට ගෑස් මිල අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසා ඇත .

සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මිල අඅඩුවීමේ මිල ප‍්‍රමාණයන් ඒ සමග දැනුම් දෙන බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ දියත්කර ඇති නිවැරදි ආර්ථික කළමනාකරණ ක්‍රමවේද හේතුවෙන් වෙළඳ පොළ තුළ පෝලිම් බිහිකළ ගෑස් සැපයුම මේ වන විට අඛණ්ඩ සැපයුමක් බවට පත්වෙමින් ඇති බවය.

එසේම මෑත කාලයේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරුන් අසාර්ථක වුවත් මුදිත පීරිස් සභාපතිවරයා සමාගමේ කටයුතු නිවැරදි මාවතකට ගෙනෙමින් ඇති බවක් පෙන්නුම් කරන බවත් ආර්ථික විශ්ලේෂකයන් පවසයි .

ඇමති ටිරාන්ගේ ප්‍රධානත්වයෙන් : විශේෂ කාර්‍ය බලකායේ සැමරුමක් !

විශේෂ කාර්ය බලකායේ 38 වන රණවිරු ගුණ සැමරුම 2022 සැප්තැම්බර් මස 01 වන දිනට යෙදී තිබුනි.

මෙහි ප්‍රධාන රණවිරු අනුස්මරණ උත්සවය විශේෂ කාර්ය බලකාය කටුකුරුන්ද පුහුණු පාසලේදී පවත්වන ලදි.

යුද්ධයේදී වියෝවු සෙබළුන් සහ ආබාධිත වු සෙබළුන් සැමරීමේ උත්සවය සඳහා මියගිය නිලධාරීන්ගේ සහ ආබාධිත නිලධාරීන්ගේ දෙමාපියන් සහ දුවා දරුවන් සමඟ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර සහභාගි වූ අතර මෙම උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහභාගි විය.

එසේම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි සමඟ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගිව තිබේ.

මෙම උත්සවයට සමගාමිව විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ ස්ථාපිත කර ඇති ස්මාරකය අභියස, කතරගම කිරි වෙහෙර පූජා භූමි පරිශ්‍රයේ, අනුරාධපුර රුවන්වැලි මහ සෑය අභියසදීද උත්සව මාලාවන් රාශියක් පැවැත්වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය පවසයි .

IMG 20220902 WA0010

IMG 20220902 WA0019

 

ගෝඨාභය විමල්ගේ ගෙදරට !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (02) මධ්‍යම රාත්‍රීයේ යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ඔහුගේ පදිංචිය සඳහා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසක් වෙන්කර දී ඇති බවත් වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට ඒ විමල් වීරවංශ අමාත්‍යවරයකු ලෙස සිටියදී පදිංචිව සිටි නිල නිවස වන අතර හිටපු ජනාධිපති ගෝඨාභය එහි තාවකාලිකව පදිංචිවීමට තීරණය කර ඇත.

මේ වන විට එම නිවස අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ පසුගිය මාසයේ අග භාගයේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණද ආරක්ෂක හේතූ මත පැමිණීම කල් ගියේය.

හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ස්වාමින් වහන්සේලා කිහිපනමක් හා මැති ඇමතිවරු රාශියක් අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපලට යාමට නියමිත බවත් වාර්තාවේ.

සති අන්තයේ පැයක විදුලි කප්පාදුවක් !

හෙට (3) සිට 5 වැනිදා දක්වා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර දුන් බව එහි සභාපති ජනක රත්නායක අද (2) පැවසීය.

ඒ අනුව හෙට සහ අනිද්දා (3 සහ 4) සති අන්තයේ රාත්‍රී කාලයේ පැයක් පමණක් විදුලිය කප්පාදු කිරීමටත්, ලබන සදුදා (5 වැනිදා) දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ පැය බැගින් ද පැය දෙකක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව ජනක රත්නායක පවසයි .

ඊට හේතුව ලෙස වාර්තා වන්නේ විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීමය.

ජනාධිපති බලය පෙන්වයි : සජිත් අක්‍රීයයි !

ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අය වැය වැඩි ඡන්ද 115 කින් සම්මත වූ අතර එය වික්‍රමසිංහ පාලනයේ ස්ථාවරභාවය තහවුරු කිරීමක් බව දේශපාලන විචාරකයන් පවසයි .

අද (02) පැවති ජන්ද විමසීම අවස්ථාවේ අයවැයට පක්ෂව ඡන්ද 120 ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද ලැබිණි.

මන්ත්‍රීවරු 43 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

සමගි ජන බලවේගය සහ පොහොට්ටු පක්ෂයේ ඩලස් කණ්ඩායම සහ ආණ්ඩුවෙන් විමල් වීරවංශ ඇතුළු ස්වාධීන මන්ත්‍රී එකමුතුව ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ජාතික ජන බලවෙිගය සහ දෙමළ සංවිධානය අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.

මේ අතර දේශපාලන විචාරකයන් පවසන්නේ සමගි ජනබලවේගය පක්ෂය අතුරු අයවැය සඳහා ජන්දය දීමෙන් වැළකී සිටියේ දේශපාලන උපක්‍රමයක් ලෙස බවයි .

විචාරක මතය අනුව යම් ආකාරයකට අතුරු අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කිරීමට එම පක්ෂය තීන්දු කළේ නම් අනිවාර්යයෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අයවැය ට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමේ සූදානමක් තිබී ඇත.

එවැන්නක් සිදුවූයේ නම් සජබ අභ්‍යන්තරයේ ඇති බෙදීම නිරාවරණය වන බැවින් පක්ෂ නායකත්වය මේ තීන්දුව ගෙන ඇත.

මේ වන විට සමගි ජනබලවේගය පක්ෂයේ බෙදීමක් සිදුවනු ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති බැවින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධ ජනහමු වලදී තම පක්ෂය බෙදීමේ කුමන්ත්‍රණයක් ගැන කියමින් යන බවත් විචාරකයන් පෙන්වා දෙයි.

ශ්‍රීලනිපයට 71 යි : මෛත්‍රී එකාධිපතිට අඳියි !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාව සංශෝධන කිරීම සඳහා එහි සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය ද අද (2) හිමිවූ අතර එහෙත් පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් හය දෙනෙකු ඊට ඡන්දය භාවිතා කිරීමෙන් වැලකි සිටීමට විශේෂත්වයක් විය.

සමස්ත ලංකා කාරක සභාව නියෝජනය කරන පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද අමරවීර, පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර යන අය ද සහභාගී වී සිටි නමුත් ඔවුහු ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියහ.

පක්‍ෂයේ 71 වන සංවත්සර සැමරුම හා සමස්ත ලංකා කාරක සභා රැස්වීම පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

එහිදී පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ගණන 04 සිට 07 දක්වාත්, උප සභාපතිවරු ගණන 10 සිට 14 දක්වාත් වැඩිකිරීම, පක්‍ෂ විධායක සභාවට 35කට නොවැඩි සාමාජිකයන් ගණනක් පත්කිරීම සඳහා පක්‍ෂ සභාපතිවරයාට බලය පැවරීම ඇතුළු නව ව්‍යවස්ථා සංශෝධන පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් සමස්ත ලංකා කාරක සභාව වෙත ඉදිරිපත් කළේය.

එමෙන්ම සභාපතිවරයාගේ අභිමතය පරිදි තනතුරු සඳහා පත්වන නිලධාරීන් ඉවත්කිරීමේ බලය ද සභාපතිවරයාට ලබාදීම, යම් නිලධාරියකු ධූරයේ වගකීම් නිසි ආකාරව ඉටුනොකරන බවට මධ්‍යම කාරක සභාව තීරණය කරන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි විධායක සභාවේ වෙනත් නිලධාරියකුට එම වගකීම් නිශ්චිත කාලසීමාවකට පැවරීම, පක්‍ෂ සාමාජිකයකුට හෝ සංවිධානයකට එරෙහි විනය ක්‍රියාමාර්ග අවසන්වන තුරු ඔවුන්ගේ සාමාජිකත්වය හා ක්‍රියාකාරීත්වය අත්හිටුවීම, කිසියම් සාමාජිකයකු පක්‍ෂ ව්‍යවස්ථාවට, ප්‍රතිපත්තිවලට පටහැනිව විනය විරෝධී කටයුතු කරන බව සභාපතිවරයාට ඒත්තු යන අවස්ථාවල පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා අදාළ ක්‍රියාමාර්ගවලින් පසු පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීම හෝ පක්‍ෂයෙන් නෙරපීම ආදී වගන්ති ද නව සංශෝධන අතරට ඇතුළත්ව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයාගෙන් පණිවුඩයක් !

ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා සියලු පාර්ශව ඇතුළත් රජයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දරන උත්සාහය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ පැසසුමට ලක්ව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයා ලෙස පත්වීම සම්බන්ධයෙන් සුභපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියක් අපේක්ෂා කිරීම ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය බවයි.

ශ්‍රී ලංකාව සඳහා බ්‍රිතාන්‍ය රජයේ අවංක කැපවීම නැවත අවධාරණය කරමින් විශේෂයෙන්ම වර්තමාන ආර්ථික හා සමාජීය අභියෝගවලදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අඛණ්ඩව කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතුවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉක්මන් සහ ධනාත්මක ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වසය පළ කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා තම ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සම්බන්ධවීමට එක්සත් රාජධානිය සූදානම්ව සිටින බවත් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සහ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට වර්තමානයේ හැකිවනු ඇතැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර ඇත.

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන 51 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල ප්‍රවේශයේ වෙනසක් ඇති කිරීමට ශ්‍රි ලංකා රජයට අවස්ථාවක් ලැබෙනු ඇති බවත් සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍ය සහ ජාත්‍යන්තර ප්‍රජාවේ අනෙකුත් පාර්ශවයන්ට මෙම ගැටළු සම්බන්ධයෙන් සැබෑ සහ ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ වැඩ කිරීම අවශ්‍ය බවත් එම සුබපැතුම් පණිවුඩයේ සඳහන්ය.

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය පිළිබඳ සිහිපත් කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙමගින් එක්සත් රාජධානියට අපනයනය කරන සමස්ත භාණ්ඩවලින් අතිමහත් බහුතරයක් සඳහා තීරුබදු රහිත ප්‍රවේශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ද සඳහන් කර තිබේ.

දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කරගනිමින් ඉදිරියට යන විට, වෙළෙඳාම සහ ආයෝජන වැඩි දියුණු කිරීමට තවත් අවස්ථා සොයා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, දේශගුණික විපර්යාස පිළිබඳ හවුල් අභිලාෂයන් පිළිබඳ නායකයින් දෙදෙනා මැයි මාසයේදී කළ සංවාදය සිහිපත් කරමින් හරිත මූල්‍ය සහ පුනර්ජනනීය බලශක්තිය සමඟ එක්සත් රාජධානියේ සහාය සඳහා ශක්තිමත් අවස්ථා ඇති බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංවත්සරය සමරන විට දෙරට අතර වඩා ගැඹුරු සහ ශක්තිමත් හවුල්කාරිත්වයක් තවදුරටත් ගොඩනඟා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සිය පණිවුඩයේ සඳහන් කර තිබේ.

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකා සබඳතාවලට ප්‍රමුඛත්වය දීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය ද අගය කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ශ්‍රී ලංකාව තුළ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රයත්නය උපරිමයෙන් සාර්ථක කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය සුභාශීංශන එක් කර තිබේ.

නව ලංකා නිදහස් පක්ෂයෙන් දිගු දුර මෙහෙයුමක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 71 සංවත්සරය සමරන අතරේ ඔන්න නව ලංකා නිදහස් පක්ෂයත් වැඩේට බැහැලා.

සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම,... නියෝජ්‍ය සභාපති ජීවන් කුමාරණතුංග ... ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී තිලක් වරාගොඩ ...

නව ලංකා නිදහස් පක්සේ කියන්නෙත් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි පිළිගත් දේශපාලන පක්ෂයක්..

ඔන්න දැන් සැප්තැම්බර් 05 වෙනිදා, බත්තරමුල්ල තට්ටු තුනේ බිල්ඩිමක, අලුත් කාර්යාලේ පටන් ගන්න ලු යන්නේ..

ප්‍රධාන ආරාධිත අමුත්තිය CBK .. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග..

කට්ටිය කියන්නේ, මේක මැඩම් ගේ වැඩක් කියල.. ඒකෙ ඇත්ත නැත්ත කොහොම වුනත්, වමත් - දකුණත් පොලිටිකල් විදියට කෙලවාගෙන ඉන්න වෙලාවේ, මැද මාවතකට පාර කපා ගන්නලු, නව ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය ප්ලෑන් කරලා තියන්නේ..

බණ්ඩාරනායක උන්නැහේගේ මැද මාවතෙම යන්න කියලු, මැඩම් මෙයාලට උපදෙස් දීලා තියනවයි කියන්නේ..

මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ස්වාධිනවෙලා ඉන්න අනුරලා කණ්ඩායමේ 6 දෙනාත්, වැඩේට සෙට් වෙන්න නියමිතයි කියලයි, ආරංචි වෙන්නේ.. ඒ ආරංචියේ හැටියට චම්පික එක්කත් කතා බහ කරලලු තියෙන්නේ ..

ඊළඟ මහා මැතිවරණයේදී මැද මාවතේ පුළුල්ම සන්ධානේ හදන්න ලු, වෙල්ගමලා - අනුරයාපාලා චම්පිකලත් එක්ක මේ ට්‍රයි එක දෙන්නේ..

විපක්ෂයට ගිය 13 නේ රෙදි ටිකෙන් : බුකියේ මහජන ප්‍රදර්ශනයක් !

පොහොට්ටුවේ 13ක් කඩාගෙන ගියපු එකට පොහොට්ටු නඩේ ගේම අතෑරලා නෑ.

දැඩි බැසිල්වාදියෙකු වෙච්ච, මහින්ද පතිරණ පුවත්පත් මණ්ඩල සභාපති තුමා, එයාගේ ෆේස්බුක් එකේ දාල තියන පෝස්ට් එකක තියන්නේ මෙහෙම..

" වැඩ බැරි ජී එල් සහ ඩලස් ඇතුළු පිරිසක් ගෝඨාභය ෆේල් කළ වියත්මග මානසිකත්වය සහිත තවත් කීප දෙනෙක් එක්ක පාර්ලිමේන්තුවෙ ස්වාධීන වෙලාලු. සියතින් ගෙල සිඳ ගන්නව කියන්නෙ මේවට.

චන්න ගැන නම් දුකයි. පාර්ලිමේන්තුවට ආපු නවකයෙක් විදියට කැබිනට් ඇමතිකමකුත් ලැබුණා. මම හොඳට ම දන්නවා ඒක නිර්දේශ කළේ පක්ෂය කියල.

චරිත ගැන දුක නැහැ තරහයි. කුරුණෑගලින් නාමයෝජනා ලැයිස්තුවට එන්න බැරිව හිටිය චරිතවත් දන්නෙ නැහැ, ඔහුට ජාතික ලැයිස්තුව දෙන්න මම පුද්ගලික ව කරපු කැපකිරීම. අදත් පක්ෂයේ ලියවිලිවල තියෙන්නෙ මගෙ නිර්දේශය මත දුන්න කියල. එහෙම කරනකොට මම හිතුවේ පක්ෂයේ බුද්ධිමය තලය නියෝජනය කරමින් වැඩක් කරයි කියල.

ඒත් ඔහුට ආපු දවසේ ඉඳල හැකි ඉක්මනින් තනතුරු ඕන වුනා. තමන් ආවේ ඇයි කියල අමතක වුනා. අපි ජාතික ලැයිස්තුවට උගතුන් දැම්මේ පක්ෂයේ මතවාදය හදන්න මිසක් තනතුරු අරගෙන විනාශ වෙන්න නෙමෙයි.

දැන් මේ පිරිස එක්පයර්ඩ්. මේ කණ්ඩායම අවසන් වරට දේශපාලනිකව විනාශ වුනේ දිරපු ළනු මෝල් පිටින් කාලා ඩලස් ජනාධිපති කරන්න ගිහිං. එදා විමල්, ගම්මන්පිල, සජිත් පිළ හා දෙමළ ජාතික සංධානය එක්ක එකතු වෙලා සිඟිත ආතල් එකක් ගත්තා. දේශපාලනය හැසිරෙන්⁣නෙ කොහොමද කියල තඹ දොයිතුවක ප්‍රායෝගික දැනුමක් නැහැ. තොර තෝංචියක් නැතුව කියවනව හැර රටට වැඩක් කරනව තියා හිතන්නනත් බැහැ. ලංකාවේ බොහෝ උගතුන්ගේ ස්වභාවය ඕක.'' ඔන්න ඔහොම තමයි මහින්ද පතිරණ දීලා ඇදලා තියෙන්නේ ..

බැසිල්ගේ උපදේශකතුමා එහෙම ගහද්දී, , හිටපු ජනාධිපති ගෝඨා ගේ උපදේශක, එරන්ද ගිනිගේ නිකන් ඉඳලා නැහැ.. එරන්ද කියල තියන්නේ මේ විදියට.

''නාලක, චන්න, චරිත වැන්නවුන්, තමන් ගැන අධිතක්සේරුවෙන් ඉන්නා මිනිසුන්ය. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ උගත්කම වැනි සුදුසුකම් නිසා , ඔවුන්ට විශේෂ වරප්‍රසාද හිමි විය යුතු බවයි. එය එන්ටයිටල්මන්ට් මානසිකත්වයයි.

ඔවුන් වැඩ කරන්නේ, ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේ ඉලක්ක සපුරා ගැනීමට මිස, ජනතාව වෙනුවෙන් සේවය කිරීමට නොවේ. ඔවුන්ගේ ජීවිත අතෘප්තිකරය. ඒ නිසා ඔවුන්ට ඉවසීම නැත.

ඔවුන්ගේ පුද්ගලික ජයග්‍රහණ වෙනුවෙන්, ඕනෑම දෙයක් කිරීමට ඔවුන් පෙළඹේ. එවැනි අය සමග සාමූහිකව ගමනක් යෑම අපහසුය. අභියෝගයක් පැමිණි වහාම කණ්ඩායමේ අන් අය පාවා දී, සතුරාට එකතු වී ගොඩ යෑමට උත්සාහ කරයි. එවැනි ආත්මාර්ථකාමී අයගෙන් මිදීම මංගල කාරණයකි.'' ඔන්න ඔහොම කියන එරන්ද එයාගේ සටහන අවසන් කරන්නේ ධර්මය අපට මග වේවා!'' කියා ගෙන ..

පේනවා නේද , බැසිල්ගේ කට්ටියටයි, ගෝඨා ගේ කට්ටියටයි රිදිලා තියන රිදිල්ල..වැඩේ කියන්නේ නාමල්වත් එයාගේ යාලු මන්ත්‍රීලවත් හ්ම් නෑ .

-දේශපාලන වාර්තාකරු

ඉන්ධන මිලට වෙනදේ : ඇමති කාංචන කියයි !

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද (1) දිනයේ ඉන්ධන මිල සංශෝධනය විය යුතු වුවද ඉන්ධන මිලේ වෙනසක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ඉන්ධන ආනයනික පිරිවැය අනුව ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයක් වීමේ අවස්ථාව නොමැති බව පැවසූ කංචන විජේසේකර අමාත්‍යවරයා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ පසු මිල සංශෝධනය විය හැකි බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් IMF නියෝජිතයන්ට කියපු දේ !

ණය අර්බුදයෙන් රට මුදා ගැනීම හා සමානවම සියලු ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.

විස්තීර්ණ ණය පහසුකමක් (EFF) ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශ ප්‍රධානී, පීටර් බ්රියුවර් (Peter Breuer) මෙම සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මෙම ණය පහසුකම මාස 48ක ගිවිසුමකට යටත්ව ලබාදීමට නියමිතය.

“මේ තමයි අපි පළමු වතාවට රට බංකොළොත් බවට ප්‍රකාශ කරපු අවස්ථාව. බංකොළොත්බවින් ගොඩඒම සහ ණය අර්බුදයෙන් රට මුදා ගැනීම වගේම, සියලු සමාජ කොටස්වල ආර්ථික හා සමාජ ජීවන රටාව තවදුරටත් පහත වැටීම වළක්වාලීම මධ්‍යකාලීනව වැදගත්. ආරම්භය අපහසු වේවි. එහෙත් ඒක ඉතා වැදගත් වගේම ඉදිරියට යාමේදී අපට වර්ධනයක් ළගාකරගත හැකියි. අපේ රටේ ඉතිහාසයේ මේක වැදගත් පියවරක්. අපි කැපවෙන්නේ අපිට ලබාදී තිබෙන ඉලක්ක සපුරාගැනීම සඳහා පමණක් නොවේ. අපි එම ඉලක්ක පසුකරගෙන ඉදිරියට යා යුතුයි. මම ජාතියෙන් ඉල්ලා සිටිනවා අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අපි අපේ අදහස් වෙනස් කරගමු. එමගින් සමාජ සුබසාධන වැඩකටයුතු පවත්වාගෙන යාම වඩාත් පහසු වේවි.”
අපේකම රැකගත් ආර්ථිකයක් එදා අපේ රටේ තිබුණා. “ජාතියක් සහ පුද්ගලයෙක් වශයෙන් ණය බරින් නිදහස් විය යුතුයි” යන්න බුදු දහමටත් එකඟයි. දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්තිය වුයේ ද එයයි. එය අනුගමනය කිරීමට එතුමා කැපවුණා.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීම, ණය තිරසර බව ප්‍රතිෂ්ඨාපනය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම ආරක්ෂා කිරිම සහ දූෂණය පිටුදැකීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරා ගමන් කිරීම තුළින් ශ්‍රී ලංකාවට දියුණු විය හැකි අවස්ථාව ළගා කර ගැනීම මෙම ණය පහසුකමේ අරමුණ වේ.

• මූල්‍ය විනිවිදභාවය හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීම තුළින් දූෂණය අවම කිරීම, රාජ්‍ය පාලනය ගැඹුරු ලෙස විනිශ්චය කරමින් ශක්තිමත් දූෂණ විරෝධී නීති රාමුවක් හඳුන්වා දීම

• සමාජ සුබ සාධනය සඳහා වන වියදම් ඉහළ නැංවීම මගින් දුප්පත් සහ අවදානමට ලක්වූ කණ්ඩායම් මත ඇතිව තිබෙන වත්මන් අර්බුදයේ බලපෑම අවම කිරීම. සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන්වල ආවරණය වැඩිදියුණු කිරීම සහ ප්‍රතිලාභීන් නිවැරදි ලෙස හඳුනා ගැනීම

 • රාජ්‍ය මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ආදායම් ඉහළ නැංවීම, පුද්ගලික ආදායම් බදු වඩා වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම, ආයතනික ආදායම් බදු සහ වැට් බද්දට අදාළ පරාසය පුළුල් කිරීම, මෙම බදු ප්‍රතිසංස්කරණ තුළින් 2024 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක ප්‍රාථමික අතිරික්තයක් කරා ළඟාවීම. 

• රාජ්‍ය සතු ව්‍යවසායයෙහි වැඩි වන මූල්‍ය අවදානම අවම කිරීම සඳහා පිරිවැය ප්‍රතිපූර්ණය කළ හැකි මිල යාන්ත්‍රණයක් ඉන්ධන සහ විදුලි බලය‍ සඳහා හඳුන්වා දීම.

Page 274 of 453