කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරය ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක්ට

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරය ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙක්ට

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරය ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී  තෙරී පත්වී තිබේ.

ඒ, අලුතින් තේරී පත් වූ කැනඩාවේ අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිගේ පාලනය යටතේ පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් වීම විශේෂත්වයකි. ඒ අනුව කැනඩා ඉතිහාසයේ අධිකරණ අමාත්‍ය ධුරයට තේරිපත් වූ පළමු දෙමළ-කැනේඩියානු ජාතිකයා ගැරී ආනන්දසංගරී  බවට පත්වනු ඇත.

යාපනයේ උපත ලැබූ ගැරී ආනන්දසංගරී මහතා, 1983 වසරේ කෝලහල පැවති සමගේ කැනඩාවට ගොස් ඇති අතර පසුව කැනඩාවේ පදිංචි වී ඇත. නීතිඥයෙකු වන ගැරී ආනන්දසංගරී  දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගු කලක් පෙනී සිටින පුද්ගලයෙකු බව සඳහන් වේ. දේශපාලනයට පිවිසීමට පෙර, ගැරී ආනන්දසංගරී  නීතිඥයෙකු සහ ප්‍රජා උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබේ.

තවද, ඔහු කැනේඩියානු දෙමළ වාණිජ මණ්ඩලය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය සහ කැනේඩියානු දෙමළ තරුණ සංවර්ධන මධ්‍යස්ථානය ඇතුළු විවිධ සංවිධාන කිහිපයක් සමඟ කටයුතු කර ඇති බව වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න