Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

දේශබන්දුගේ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය අද ( 17) ප්‍රතික්ෂේප කළේ ය.

පෙත්සම විභාගයට නොගෙනම මෙලෙස ඉවත දමනු ලැබුවේ, අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර්  ඇතුළු විනිසුරු මඬුල්ල විසින් ය.

පෙත්සම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය අනුව දේශබන්දු තෙන්නකෝන්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

වැඩිදුරටත් සඳහන් කෙරුණේ ඔහුට සැඟව සිටීමට සහය වූ පිරිස් පිළිබඳවද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.