ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 6 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (23) නියෝග කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ විසින් ගොනු කර තිබූ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය මහේස්ත්රාත්වරයා විසින් අධිකරණයේදී කියවා දෙනු ලැබීය.
අදාළ ඇප ඉල්ලීම මහේස්ත්රාත්වරයා විසින් ප්රතික්ෂේප කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
