වෛද්‍යවරියගේ අපරාධ වාර්තාකරණය කැතයි – ඇමති සරෝජා පෝල්රාජ්

වෛද්‍යවරියගේ අපරාධ වාර්තාකරණය කැතයි – ඇමති සරෝජා පෝල්රාජ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ලිංගික අපරාධයකට මුහුණ දුන් සිදුවීම වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය නාලිකා අවම සදාචාරයවත් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්  පවසයි.

ලිංගික අපරාධයකට මුහුණ දුන් වින්දිතයගේ කට උත්තරය තවත් කාන්තාවක් විසින් හඬ කවා නැවත නැවතත් ප්‍රචාරය කිරීම තුළින් වින්දිතයා අගතියට පත්වන බවත් එමඟින් එම වින්දිත කාන්තාවගේ ධෛර්ය හා විශ්වාසය බිඳ වැටීම සිදුවන බවත් ඊයේ (14) පාර්ලිමේන්තුවේදී ඇය කියා සිටියාය.

සරෝජා සාවිත්‍රි පෝල්රාජ් වැඩිදුරටත් අවධාරණය කළේ, පාර්ලිමේන්තුවේ සිටින සෑම අයෙක්ම හිංසනයට ප්‍රචණ්ඩත්වයට මෙන්ම අපරාධ වාර්තාකරණයේ “කැත කමට” විරුද්ධ වන බවය.

අනන්‍යතාවය හෙළි නොකිරීමට වග බලාගන්නා ලෙස මාධ්‍යය වෙත මඟ පෙන්වා ඇති අවස්ථාවක පවා පොලීසියට සහ අධිකරණයට ලබා දුන් සාක්ෂි මෙලෙස මුදා හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද ඇය සඳහන් කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න