V2025

පුවත්

ජනපති පාලිත තෙවරප්පෙරුම ගේ දේහයට අවසන් ගෞරව දක්වයි !

අභාවප්‍රාප්ත හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබූ මතුගම යටදොලවත්තේ පිහිටි ඔහුගේ නිවසට අද (19) පෙරවරුවේ පැමිණි ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතත්, ප්‍රදේශවාසීන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, එක්සත්ජාතික පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20240419 WA0003

IMG 20240419 WA0004

'යුක්තිය මෙහෙයුම' ජපානයත් අගයයි

අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය මෙහෙයුම තමන් අගය කරන බව ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

 ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවු අතර එහිදි තානාපතිවරයා ඒ බව පවසා ඇත.

විදේශ ගමන් බලපත්‍ර සහ වීසා නිකුත් කිරීම පිළිබඳව මෙන්ම ජාතික ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙම හමුවේදී තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර අදහස් හුවමාරු කර ගැනිණි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා පොලිස් කමිටු වැඩසටහනේ සාර්ථකත්වය සහ එහි වැදගත්කම පිළිබඳවද ජපාන තානාපති දැනුවත් කිරිමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කටයුතු කළේය.

ඉදිරියේදී යළිත් අවස්ථාවක ජපාන තානාපති MIZUKOSHI Hideaki සහ අමාත්‍ය ටිරාන් අලස් හමුවී ඉහත සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව වැඩිදුරටත් අදහස් හුවමාරු කරගැනීමට බලාපොරොත්තු ඇතිව සාකච්ඡාව අවසන් වී තිබේ.

(චතුරංග මේදිස්)

ජනපතිගෙන් චමරිට ඇමතුමක් : කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුරකථන ඇමතුමක් දී සුබ පැතුම් පළ කර ඇත.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ චමරි අතපත්තුට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික කාන්තා ක්‍රිකට් කණ්ඩායමටම තම උණුසුම් සුබපැතුම් පළ කරන බවයි.

තවදුරටත් ලංකාව ලෝකය හමුවේ බැබලවීමට ධෛර්යය ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉහළම සාර්ථක ලකුණු හඹා යාමේ ලෝක වාර්තාව බිහි කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (අප්‍රේල් මස 17 වෙනිදා) සමත් විය.

එසේ දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට තීරණය කර ඇති බවත් එහිදී නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන්ට ලැබෙන ආකාරයට එම මුදල් ත්‍යාගය පිරිනමන බවත් ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් විදේශගතව සිටීම නිසා මුදල් ත්‍යාගයේ වටිනාකම තවම ස්ථිර කර නොමැති බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා: IMF සහාය !

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මේ අතර, ශ්‍රී ලංකාව විසින් ගෙවීම පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් පමණ වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එළැඹෙන මැයි මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට එළඹෙනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් උපායමාර්ගික තොරතුරු උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නවතම දත්ත වාර්තා කර තිබිණි.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව විසින් පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව මැයි මස මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට එළඹෙනු ඇති බවය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් එම බැඳුම්කරහිමියන්ගේ නියෝජිත කමිටුව සමඟ පැවැති මූලික වටයේ සාකච්ඡා අසාර්ථක වූවත් ඉදිරි සති කිහිපයේ නැවත එකඟතාවයකට පැමිණිමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

එහිදි ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණිමට නොහැකිව ඇත්තේ මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය හා බැඳුණු " සාර්ව සම්බන්ධිත බැඳුම්කර '' සම්බන්ධයෙන් බව සඳහන්ය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද ස්ප්‍රිං සමුළුවට සමගාමීව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ෆුජී ඩඉජෝ මහතා අතර හමුවක් පැවැත්වුණි.

එම හමුවේදී ජපාන නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට ජපානයේ අඛණ්ඩ කැපවීම එහිදී සහතික කර ඇති බවය.

මේ අතර ලෝක බැංකුවේ පෞද්ගලික අංශයට සේවා සපයන ආයතනය වන ජාත්‍යන්තර සමායතනය හී කලාපීය උප සභාපති රිකාඩෝ පුලිට් මහතා අතරද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා පවත්වා තිබේ.

එහිදි මෙරට ආර්ථික ප්‍රගතිය සහ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා වී ඇති අතර මෙරට මුල්‍ය අංශයේ ස්ථාවරත්වයට සහ දැක්වීමට තවත් ආයෝජන සිදුකිරීමට ජාත්‍යන්තර මූල්‍ය සමායතනය කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

  • derana

සිරිසේනගේ වාරණය දීර්ඝ කෙරේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේය.

දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව ය.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කර ගැනීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ පිරිසක් කටයුතු කර ඇති අතර , පක්ෂ අභ්‍යන්තරයේ දරුණු බෙදීමක් ද පවතී.

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා !

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ සාමුහිකත්වය පමණක් බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ අද (18) නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදීය.

නුවරඑළිය, හඟුරන්කෙත, මස්කෙළිය, කොත්මලේ සහ වලපනේ ආසන නියෝජනය කරමින් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක තරුණ දේශපලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

නුවරඑළිය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අද ඇතැමුන් අකුල් හෙළමින් සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එම සංවර්ධන වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය හිමි වන්නේ නම් එය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කළ හැකි බවද පෙන්වා දුන්නේය.

පැරණි දේශපාලනයේ නිරතව රට සංවර්ධනය කළ නොහැකි බවත්, රටට අවශ්‍ය ආයෝජන ආකර්ශනය කර ගනිමින් රට සංවර්ධනය කිරීමට නම් සියලුදෙනා එකඟතාවයකින් කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රජයේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ රට තුළ ඇතිවී තිබෙන ආර්ථික ස්ථාවරත්වය නිසා ජනතාව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද චාරිත්‍රවලට මුල් තැන දෙමින් සතුටින් සැමරු බව ද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද සියලු ක්ෂේත්‍රවල සිදුව තිබෙන පිබිදීම සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ යමින් තිබෙන බවත්, රටේ සියලු ජනතාවට මෙම ප්‍රතිලාභය හිමි කර දීම තම අරමුණ බවත් පැවසීය.

තරුණ දේශපාලනඥයන් ලෙස තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මෙහිදී ඔව්හු ජනාධිපතිවරයා දැනුවත් කළ අතර රටේ සංවර්ධන වැඩපිළිවෙළට අදාළ සිය යෝජනා ද ඉදිරිපත් කළහ.

තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රාදේශීය තරුණ කේන්ද්‍ර පිහිටුවීමට සැළසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ප්‍රාදේශීය තරුණ කේන්ද්‍ර හරහා තරුණ ව්‍යවසායකයන් නගාසිටුවීමට කටයුතු කරන බවත්, බැංකු ශාඛාවල ප්‍රධාන නිලධාරීන් සහ වාණිජ මණ්ඩල සාමාජිකයන් ද ඊට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂක අශෝක හේරත් මහතා සඳහන් කළේ තමන් වෙනත් පක්ෂයක් නියෝජනය කළද ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ පිළිගන්නා බැවින් එම වැඩපිළිවෙළට සහාය පළ කරන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස 2001 වසරේ ආරම්භ කර 2025 වසරේ දී අවසන් වීමට නියමිතව තිබූ “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලුදෙනා සහාය ලබා දුන්නා නම් මේ වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බව පෙන්වා දුන් ඒ මහතා එදා ඊට අකුල් හෙළු පාර්ශ්ව වර්තමානයේ ජනාධිපතිවරයා දියත් කර ඇති 2048 සංවර්ධිත රටක් වැඩපිළිවෙළට අකුල් හෙළමින් සිටින බවද පැවසිය.

ඉදිරි වසර 02 තුළ රටේ විප්ලවීය පරිවර්තනයක් සිදු කරමින් තවත් වසර 10ක් රටේ නායකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවද අශෝක හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස  සහ නුවරඑළිය මහා නගර සභාවේ හිටපු නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න  ඇතුළු හිටපු නාගරික මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය තරුණ දේශපාලනඥයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

View the embedded image gallery online at:
https://www.newstube.lk/news?start=1458#sigProId0a2a49dabb

විජේදාස පුදනකොටම කාපි යකා !

අවුරුදු උත්සව කාලේ සැපක් අරගෙන කලඑළි බැහැපු දේශපාලන ලොක්කෝ කීපදෙනෙක්ම, ජනාධිපති අපේක්ෂකත්වය ගැන මුට්ටිය දාලා බලන්න පටන් අරන්.

ඔය අතරේ ඉන්න අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ කෙලින්ම වැඩේට බැහැලා.

'' තව ටික දවසයි! මම තීන්දුවක් ගන්නවා! '' විජයදාස රාජපක්ෂ කියනවා.

තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස, පාර්ශ්ව රැසකින් ආරාධනා ලැබී ඇති බවත්, තව සති කිහිපයකින් තමන් ඒ සම්බන්ධයෙන් වූ තීන්දුව ප්‍රකාශයට පත් කරන බවත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කියලා තිබුනේ TV මයික් තොගයක් ඉස්සරහා.

"මගෙන් ඉල්ලම් කරලා තියෙනවා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අති බහුතරයක් දෙනා ඒ ඉල්ලීම කරලා තියෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය මහා සංඝරත්නය, අනෙක් ආගම්වල නායක තුමන්ලා ඒ ඉල්ලීමම කරලා තියෙනවා. ඒ පිළිබඳ තවදුරටත් කල්පනා කරලා, මම ඉදිරි සති කිහිපය තුළ තීන්දුවක් ගන්න ඉන්නේ." - විජේදාස කියනවා.

"අද අපේ රටේ තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් පිළිබඳව ජනතාවට කිසිදු විශ්වාසයක් නෑ . ඒ නිසා ඉදිරි මැතිවරණය බොහොම වෙනස් මැතිවරණයක්, ඒ වගේම තීරණාක්මක මැතිවරණයක්. පක්ෂය බලලා ඡන්දය දෙන ඡන්දදායකයෝ ඉදිරියේදී නෑ. ඉදිරිපත්වන පුද්ගලයා අනුව තමයි ඡන්දය දීමට ජනතාව කල්පනා කරන්නේ."- කියලත් විජේදාස කියනවා.

ඔය කියන විදියට විජේදාස අද හෙටම ඇමතිකම පැත්තක දාලා, චන්ද කැම්පේන් එක පටන් ගන්න ඉඩ තියනවා කියලයි විජේදාස ඇමතිතුමාගේ සමහර ගෝලබාලයෝ කියන්නේ.

ඒ කොහොම වුණත්, ඇමති විජේදසගේ ඔය කතාවට රිටන් එක දුන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කෙනෙක් වෙච්ච තිලංග සුමතිපාල.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට කිසිඳු අදහසක් නෑ කියලයි තිලංග කියන්නේ.

තිලංග සුමතිපාල එහෙව් කතාවක් කියලා තිබුනේ, සිංහල දමිළ අලූ‍ත් අවුරුද්දෙන් පස්සේ , එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලයේ වැඩ කටයුතු ඊයේ (16) උදැසන සුබ මොහොතින් ආරම්භ කෙරුවට පස්සේ, සංවිධානය කරලා තිබුන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කල විමසීමකදී..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන, බහුතර සාමාජිකයින් ඇමති විජේදාස ජනාධිපති අපේක්ෂකයා කරන්න කියලා ඉල්ලීමක් කරලා තියනවද කියල මාධ්‍යවේදියකු අහනවා.

අහනවා නෙමෙයි, එක අස්සපු ප්‍රශ්නයක් කියල යි පේන්න තිබුනේ. ඒ කොහොම වුනත් අහපු ප්‍රශ්නෙට තිලංග මෙහෙම කියනවා.

'' විජේදාස රාජපක්ෂ කියන්නේ ආණ්ඩුවේ කැබිනට් ඇමති කෙනෙක් . නිමල් සිරිපාල ලට විරුද්ධ අපි විජේදාසට එකඟවෙන්න හේතුවක් නෑනේ .. කොහොමටත් අපි ජනාධිපති අපේක්ෂකයෙක් ගැන තවම තීන්දුවක් අරගෙන නැහැ ''

ඔය විදියට බලනකොට විජේදසටත් වෙලා තියන්නේ පුදනකොටම කාපි යකා සීන් එකක්..!

දේශපාලන වාර්තාකරු

ශ්‍රීලනිප ගැන මැකොස තීන්දුව : 18 එළියට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වීමේ ගත් තීරණ හා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති විරෝධතා සලකා බලා මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය හෙට (18) ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වෙයි .

මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මේ බව සඳහන් කර ඇත .

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල කෙරුණු පත්කිරීම්වලට එහි වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඊයේ(17) විරෝධතා ගොනුකර ඇත.

විරෝධතා බාරදෙමින් පක්ෂයේ ලේකම්වරයා පවසා ඇත්තේ පක්ෂයේ කටයුතු පක්ෂ ව්‍යවස්ථාව අනුව සිදු විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති පවසා ඇත්තේ පැවසුවේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් නීතිඥවරයකු මාර්ගයෙන් මෙසේ විරෝධතා බාර දුන් බවයි.

වමේ දේශපාලනය බෝඩ් ලෑල්ලේ විතරයි - නිමල්

ලෝකයේ කිසිදු රටක මේ වනවිට වමේ දේශපාලනයක් නොමැති අතර, අද එය හුදෙක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වන ජන්ම දින සංවත්සර උත්සවයට එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙසේද පැවසීය.

"කිරි හට්ටියට දෙන මුදල්වලට සංවිධායකකම දුන්නේ නෑ. ශක්තිමත් සංවිධායකයෝ හෙව්වා, පාරේ ගියපු රස්තියාදුකාරයෝ අරගෙන සංවිධායකකම දුන්නේ නෑ. එහෙමයි එතුමිය පක්ෂය ආරක්ෂා කළේ. එතුමිය ගැහැණියකට වඩා පිරිමියෙක් වගේ. අන්න ඒ වගේ පිරිමි නායකත්වයක් අපිට අවශ්‍යයි මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න. එතුමිය එක්ක වැඩකටයුතු කරන්නට අපිට ඉතාම ආසයි. අපිට විශ්වාසයක් තියෙනවා. උදේ නැගිටිනකොට අපේ සංවිධායකකම් ඉවත්කරලා නෑ කවදාවත්. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. එදා අනුර බණ්ඩාරනායක තමන්ගේ පුතාගේ ඒ තහනම් කිරීමේ ලිපිය අත්සන් කරන්න මමයි එතුමිය ළඟට අරන් ගියේ. මැතිණිය විනාඩි දෙකක් ඔළුවට අත තියාගෙන ඉඳලා අත්සන් කරලා දුන්නා. ඒකාධිපති වුණේ නෑ. පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්කරගෙන වැඩි බලතල ඕන කියලා ගන්න ගියේ නෑ. ඒ නිසා එතුමියට කවුරුත් ආදරය කළා. දැන් මේ ලෝකයේ වාම දේශපාලනයක් නෑ. රුසියාවේ වාම දේශපාලනයක් තියෙනවා ද?, චීනයේ වාම දේශපාලනයක් තියෙනවා ද ? අද කියුබාවට ජාතික දිනය පවත්වන්න තෙල් ටිකක් හොයාගන්න නෑ. වෙනිසියුලාවටත් එහෙමයි. ඒ නිසා මේ වාම දේශපාලනය තියෙන්නේ හුදෙක් බෝඩ් ලෑල්ලක විතරයි. අපේ මේ ප්‍රතිපත්තියක් තියෙනවා කියලා ඒක බදාගෙන ඉඳලා හරියන්නේ නෑ. අපි අලුතින් හිතන්නට ඕන."

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා තවදුරටත් !

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එම බැඳුම්කරහිමියන් සමඟ එකඟතාවයකට පැමිණීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සඳහා හොඳ විශ්වාසයකින් එක්වන බවත් එහිදී සියල්ලටම සාධාරණ ලෙස කටයුතු කිරීමට මෙන්ම එවැනි සාකච්ඡාවලදී බලාපොරොත්තු වන උපරිම විනිවිදභාවය ඇති කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කරයි.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන්ගේ යෝජනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කර ඔවුන්ගේ උපදෙස් අනුව ඉදිරි සාකච්ඡා සිදුකරන බව ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කර ඇත.

දමිතා සහ සැමියා යළි රිමාන්ඩ්

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අස(17) නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබීය.

සජිත් ආයෙත් පාලම තියාගෙන ඒදණ්ඩෙන් යන්න හදයි !

තමන් බලයට පත් වූ වහාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාවාදී මානුෂවාදී පොදු ජනතාවට හිතැති නව ගිවිසුමක් ඇති කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ මඟින් පවතින බංකොලොත් භාවයෙන් රට මුදාගෙන ආර්ථිකය ගොඩනගන සංවර්ධන යුගය අරඹන බවත් ඔහු සඳහන් කර සිටියි .

විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලද්දේ හම්බන්තොට පාසලකට ප්‍රදානයක් සිදුකර එහි දේශපාලන රැස්වීමක් අමතමින් ය.

කෙසේ වුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන ආර්ථික විශ්ලේෂකයන් විවේචනාත්මක ස්ථාවරයක් ගෙන ඇති අතර ඔවුන් පවසන්නේ විපක්ෂ නායක ගේ ක්‍රියාකලාපය හේතුවෙන් යළිත් ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි බවයි .

ඒ සම්බන්ධයෙන් ඔවුන් මෙසේද අදහස් දක්වයි.

" ඉතා සරලව කිව්වොත් IMF වැඩසටහන ආරම්භයේ සිට ශ්‍රී ලංකාව දැඩි කැපවීමෙන් උපයාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ඒවා ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන්න කියලා එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙනවා . ඒ මේ වෙනකොට ඇමරිකාවේ වොෂින්ටන් හි පැවත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර මැද ස්ප්‍රිං සමුළුවට සහභාගී වූ අවස්ථාවේ. මේ ලැබී ඇති සහතිකය රටේ ආර්ථික ස්ථාවරත්වය රැකගෙන ඉදිරියට යාමට ඉතා වැදගත්. අපි අමතක කරන්න නරකයි , 2022 හිටපු තත්ත්වය අනුව IMF සමග වැඩසටහනක් සඳහා ඇතුල් වුනේ කොච්චර අමාරුවෙන්ද කියලා . දැන් විපක්ෂ නායක කියන්නේ ආයෙත් IMF සමග මුල ඉඳලා ගිවිසුම අලුත් කරන බවයි. ඔහු රට ලොකු අවධානමක දාන්න සූදානම් වෙන්නේ . නැත්නම් පැහැදිලිව ජනතාව රවට්ටන්න හදන්නේ . ආයෙත් මුල ඉඳලා යන්න ඕන කියන යෝජනාව පවා මුග්ධ සහ බොළඳයි . ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු සියල්ල මේ හමුවේ යළි සංශෝධනය කරන්න වෙනවා. ඒ කතා මොනවා වුණත් , ජාත්‍යන්තර මූල්‍ය ආයතන ලංකාව 16 වතාවක් කරා වගේ 17 වෙනි වතාවෙත් ප්‍රතිපත්තිය වෙනස් කරයිද කියන සැකසංකා ඇතිකර ගැනීමේ අවධානම තියෙනවා . මේ විපක්ෂ නායක හිතුමතේ කියන කතාද නැත්නම් කාගේ උපදෙස් මත කියන කතාද යන්න ගැන ජනතාව අවබෝධය ලබන්න ඕන . නැත්නම් රටක් ඉතුරු වෙන්නේ නෑ. මේකත් අර පසුගිය වතාවේ සජිත් පාලම තියාගෙන ඒදණ්ඩෙන් ගියා වගේ කෝලමක්".

පොහොට්ටුවේ එස්.එම් ට ජනපතිගෙන් තනතුරක් !

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන පත්කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම කර තිබෙන අතර ඒ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වීමෙන් අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරය පුරප්පාඩු වූ නිසා ය.

ඒ අනුව චන්ද්‍රසේන මන්ත්‍රීවරයා හෙට දිනයේ මෙම නව ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතව ඇත.

පොදුජන පෙරමුණ තුළ එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා ප්‍රසිද්ධව සිටින්නේ උග්‍ර රාජපක්ෂවාදියකු ලෙසය.

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජිවිතක්ෂයට

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.

නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙසේ විදුලි සැර වැදී ඇති අතර ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.

පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු වනජීවි රාජ්‍ය අමාත්‍යවරයෙකි.

බුකියත් කැළඹවූ දුම්රිය රියදුරුගේ සේවය අත්හිටුවලා !

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ඊයේ (15) පස්වරුවේ සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ ඉඳිපොලගේ පවසයි .

එදින හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ අදාළ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට පැමිණිමේදී දුම්රිය නියමිත ස්ථානයේ නතර කරගැනීමට නොහැකිවී වේදිකාවේ ගැටීමෙන් අනතුරට ලක්වී තිබුණි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු අවසන් වන තෙක් සිද්ධියට අදාළ දුම්රිය රියදුරුගේ සේවය අත්හිටුවා ඇති බව එන්.ජේ. ඉඳිපොලගේ වැඩිදුරටත් පවසයි .

අදාළ සිදුවීම සමාජ මාධ්‍ය තුළද සැලකිය යුතු අවධානයක් ගෙන තිබිණ .

නුවරඑළිය සුන්දර කඳුකරයේ සංචාරක කාර්මාන්තය පිළිබඳ ජනපති නිරීක්ෂණ චාරිකාවක.....

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.

“පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයකි.

“පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300ක පමණ කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැළකේ.

“පිකෝ ට්‍රේල්” නම් මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි.ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වේ. මෙම මාර්ගය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද්දකි.

“පිකෝ ට්‍රේල්” මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.2ක පමණ දුරක් පාගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

එම ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහව මහත් හරසරින් පිළිගත් අතර ජනාධිපතිවරයා ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තම සුබපැතුම් පිළිගැන්වීය.

බ්‍රවුන්ස් වැවිලි සමාගම යටතේ පාලනය වන කෝට් ලොජ් වතු යාය හෙක්ටයාර 264ක් වන අතර මුළු සේවක සංඛ්‍යාව 349කි. එම වතු ජනතාව මුහුණ දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලබන වතු කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළේය.

එසේම වතු ජනතාවගේ නිවාස ගැටළුව පිළිබදව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු විය.

කෝට් ලොජ් වතු යායේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවේ “ලයිට් බ්‍රයිට් – Light Bright” නම් තේ වර්ගය නිෂ්පාදනය කරනු ලබන අතර එහි ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා කර්මාන්තශාලාවේ සේවක පිරිස සමඟද සුහද කතාබහක නිරත විය.

කඳු නැගීමට පැමිණෙන සංචාරකයන්ට රසවත් නැවුම් තේ කෝප්පයක් රස විදීමට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳවද එහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.

අනතුරුව “පිකෝ ට්‍රේල්” හරහා මෙරට කඳුකරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා සොයා බැලීය.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වසර ගණනාවක් පුරා කඳු තරණය කළ, ධාවන උපදේශක මිගෙල් කුනාට් (Miguel Cunat) මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි.

“පිකෝ ට්‍රේල්” මං මාවත ඔස්සේ පා ගමනින් ගොස් ශ්‍රී ලංකාව පුරා විවිධ භූමි ප්‍රදේශ, මෙරට ඉතිහාසය, සංස්කෘතිය, දේශීය ආහාර පාන පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සැලසේ. පිකෝ ට්‍රේල්” සංචාරක මාර්ගය අදියර 22 කින් සමන්විත වන අතර එක් දිනක් හෝ දින ගනණාවක් ගත කළ හැකි සංචාරක අත්දැකීමකි.

ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ක්‍රමෝපායන් වෙනුවෙන් සහාය දැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක “පිකෝ ට්‍රේල්”සඳහා යුරෝපා සංගමයේ (EU) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ද ලැබී තිබෙන අතර තිරසාර පාරිසරික සංවර්ධනය වැනි කරුණු ද ඊට ඇතුළත් වේ.

ත්‍රාසජනක අත්දැකීම් සොයා යන්නන් වැනි නව සංචාරක භූමිකාවක් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම හා සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය ස්තූතිය පළ කළ මිගෙල් කුනාට් මහතා සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් තුළින් මෙරට ආර්ථිකය නාගාසිටුවීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළද අගය කළේය.

View the embedded image gallery online at:
https://www.newstube.lk/news?start=1458#sigProId6eae359e5c

ජාත්‍යත්තර මූල්‍ය අරමුදල් ප්‍රධානීන්ගෙන් ලංකාවට ප්‍රශංසා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඇතුළු මෙරට ධූත පිරිස අතර සාකච්ඡාවක් IMF/WB වසර මැද සමුළුවට සමගාමීව පැවැත්විණි.

ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඔකමුරා ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළේ ය.

අප්‍රේල් 15 වනදා ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද ස්ප්‍රිං සමුළුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව අත්කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ශක්තිමත් හිමිකාරීත්වයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේ ය. මෙහිදී මෑතකාලීන සමාජ-ආර්ථික වර්ධනයන් සහ වැඩසටහන යටතේ සිදු කරන ලද සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ශ්‍රි ලංකාව සිදු කළ කැපකිරීම එහි දී පෙන්වා දුන් බව අමාත්‍ය සේමසිංහ පැවසීය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය, වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් පිළිබඳව ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය (BCIU) සමඟ වොෂින්ටන් හි සාකච්ඡාවකට එක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

මෙහි දී ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ ඇති අවස්ථාවන් පිළිබඳව කේන්ද්‍රගතවු අතර අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මය සහ තාක්‍ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල උපායමාර්ගික ආයෝජන මගින් තිරසාර ආර්ථික වර්ධනයක් ළගාකරගත හැකි අයුරු සාකච්ජා කෙරුණු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෑත කාලීන ආර්ථික හා අනෙකුත් ප්‍රතිසංස්කරණ, ප්‍රතිඵලවලට පරිවර්තනය වී ඇති ආකාරය ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන හා වත්මන් සාර්ව-ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. ශ්‍රී ලංකා ආර්ථිකයේ අවස්ථාවන් පුළුල් කිරීමට ජාත්‍යන්තර අවබෝධය සහ සහයෝගීතාව වැඩිකිරීමට සහභාගිවුවන්, පාර්ශවකරුවන් සහ ගෝලීය හවුල්කරුවන් දක්වන උනන්දුව එහි දී අවධාරණය කෙරිණි.

මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මෙන්ම 2024 මාර්තු මාසයේදී එළඹුණු කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ හි වැඩසටහනේ 2 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා වන ඊළඟ පියවර පිළිබඳව මෙහි දී සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී දුෂ්කර ප්‍රතිසංස්කරණ මාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා හිමි විය.

ලෝක බැංකුවේ විවිධ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම් සහ මෙම වෙනස්කම් ශ්‍රී ලංකාව වැනි රටවලට ප්‍රයෝජන ගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවට තම උපරිම සහයෝගය ලබා දෙන බවට අයියර් මහතා එහි දී සහතික වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේය.

Illinois සරසවියේ දැනුම ලංකාවේ සරසවි සිසුන්ටත්

ඇමරිකාවේ චිකාගෝහි පිහිටි ඉලිනොයිස් (University of Illinois) සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත  එක්විය.

එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ විද්‍යා අංශය සතු ලොව දෙවැනියට විශාල වෛද්‍ය පාසලෙහි වෛද්‍ය සහ රොබෝ ශල්‍යකර්ම (Robotic Surgery) විද්‍යාගාරද නිරීක්ෂණය කරන ලදී.

තවද එහි පිහිටා ඇති පැරණිතම පාසල් ඔසුහල, නවීන පරීක්ෂණ විද්‍යාගාර පිළිබඳව ද සිය අවධානය යොමු කළ අමාත්‍යවරයා එම සරසවිය භාවිතා කරන නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවේ සරසවි සිසුන් සඳහා ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදු කළේය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  එම සරසවියේ නිලධාරීන් හමුවේ වැඩිදුරටත් පැවසුවේ පේරාදෙණිය සරසවිය සහ ඉලිනොයිස් (University of Illinois) සරසවිය අතර අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතා හුවමාරු වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමට අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවත් එමගින් ලාංකීය සිසුන්ට නව ඉගෙනුම් ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීමට අවස්ථාව සැලසෙන බවයි.

මෙම නිරීක්ෂණ චාරිකාවට සම්මානිත මහාචාර්ය සිවා සිවනාදන්ද එක්විය.

Page 82 of 464