බදුල්ල දිස්ත්‍රික්කයේ සර්වජන බලය සංවිධායක ලෙස වසන්තසිරි පුෂ්පකුමාර නිල වශයෙන් පත් කර ඇත.
අදාළ පත්වීම් ලිපිය සර්වජන බලය නායක, පා.ම. ව්‍යවසායක දිලිත් ජයවීර අතින් සර්වජන බලය මූලස්ථානයේ දී පිරිනැමී ය.මෙම පත්වීමත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ පක්ෂ සංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.
ඒ සමග ම සර්වජන බලය වෘත්තිකයින්ගේ සංගමයට නව කැඳවුම්කරුවකු ලෙස නීතිඥ නලින් පතිරණ නිල වශයෙන් පත් කර ඇත.
අදාළ පත්වීම් ලිපිය සර්වජන බලය නායක, පා.ම. ව්‍යවසායක දිලිත් ජයවීර අතින් සර්වජන බලය මූලස්ථානයේ දී පිරිනැමී ය.
මෙම පත්වීමත් සමඟ වෘත්තිකයින්ගේ සංගමයේ කටයුතු තවදුරටත් ශක්තිමත්ව සංවිධානය වී ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
