ආචාර්ය අසාද් සිරාස් සහ ත්‍රිපිටකාචාර්ය රමේෂ් මධුසංඛ යන කර්තෘ දෙපළ විසින් රචිත ''බෞද්ධ - මුස්ලිම් සංවාදය'' කෘතිය 12වන දා සවස 04.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.
මෙම උත්සවයෙහි මූලාසනය හොබවනු ලබන්නේ ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි විසිනි.
ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය සුනිල් සෙනවි සහභාගිවීමට නියමිත ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමන්ත ඉලංගකෝන් ග්‍රන්ථය පිළිබඳ විවිරනයක් සපයනු ඇත.
මෙම අවස්ථාවට සහභාගි වන්නැයි TANWEER INSTITUTE ආරාධනා කරයි...!

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
