Image

වීරවංශ ගේ බිරිඳට එරෙහි නඩුව එළඹෙන 25 යළි කැඳවීමට නියෝග

වීරවංශ ගේ බිරිඳට එරෙහි නඩුව එළඹෙන 25 යළි කැඳවීමට නියෝග

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට හිටපු ඇමැති විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන 25 වන දා යළි කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන අද (11) නියෝග කළේ ය.

මෙලෙස නියෝග කළේ නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදා හැර සිටින විත්තිකාර ශෂී විරවංශ අධිකරණයේ පෙනී සිටිමෙන් අනතුරුව ය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදා හැර සිටින ශෂී විරවංශ විවෘත අධිකරණයේ පෙනී සිටියා ය.

එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ සාක්ෂි මෙහෙයවීමට පෙර නඩුකරයට අදාලව පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීමට තමාට අවශ්‍ය බව සැකකාර ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් අධිකරණයට දන්වා සිටියේ ය.

සාක්ෂි ආඥා පනත යටතේ තමන්ට එවැනි ප්‍රවේශයක් මේ දක්වා ලබාදී නැති නිසා මෙම නඩුව ඉදිරියට විභාග කළ නොහැකි බව ද නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ය.

මෙම නඩු විභාග ආරම්භ කිරීමට පෙර සාක්ෂි වශයෙන් යොදාගන්නා ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා විත්තියට අවකාශ ලබා දෙනවාද ඒ පිළිබඳ ස්ථාවරය මීළඟ දින දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම සලකා බලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න