Image

පල්ලේගම හේමරතන හිමි, පෞද්ගලික රෝලක සිටිය දී අත්අඩංගුවට

පල්ලේගම හේමරතන හිමි, පෞද්ගලික රෝලක සිටිය දී අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අද (09) පෙරවරුවේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පොලිසිය මෙම හිමි සොයා අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ කිහිපයක පරීක්ෂණ පවත්වන අතරතුර, හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් හිමි නම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති බවට වාර්තා වි තිබේ. ඒ අනුව, පොලිස් කණ්ඩායමක් අද පෙරවරුවේ එම රෝහල වෙත ගොස් පෞද්ගලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම හිමි නම නිල වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර හිමියන් මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතව පසු වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කරුණු සහ ප්‍රගතිය අද (09) දින අධිකරණයට වාර්තා කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

මෙම හිමි සහ අපයෝජනයට ලක්වූ දැරිය ගේ මව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න ඊයේ (08) මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී වරෙන්තු නිකුත් කර තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, වරෙන්තු නිකුත් කිරීමට අමතරව ඔවුන් දෙදෙනාටම වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.

වසර කිහිපයකට පෙර සිදුවූ බව කියන බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් දීර්ඝ විමර්ශනයක් පවත්වා තිබුණි. මෙම විමර්ශනයට අදාළව මෙම හිමිනම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් දියත් කර තිබූ බව ද මීට පෙර වාර්තා වී තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න