අපේ නිර්දෝශීභාවය ඔප්පු කළ හැකි හොඳම ක්‍රමය පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දීම බැවින් එන්න කියන ඕනෑම වෙලාවක එනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (11) නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ දී මාධ්‍යවේදීන් විසින් හෙට දින මහින්ද රාජපක්ෂ මැතිතුමා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණෙනවා දැයි ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.
එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
පැහැදිලිව ම මේකට පරීක්ෂණයක් වෙන්න ඕන
''එන්න කියන ඕන වෙලාවක අපි යනවා. ආණ්ඩුවේ අයත් දැනගන්න ඕන බලපෑම් කරලා බය කරලා මේ ගමන යන්න බැහැ. ඉතින් පැහැදිලිව ම මේකට පරීක්ෂණයක් වෙන්න ඕන. එනිසා අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක. හැබැයි අනිත් පැත්තෙන් ඒ පරීක්ෂණ කටයුතු බලපෑම් කරලා බලහත්කාරයෙන් කට උත්තර ලියාගන්න න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් සාධාරණයක් වෙන්නෙ නෑ. අවසානයේ ඒකෙ පාඩුවත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. මොකද ජනතාව රවට්ටන්න තමයි එහෙම කරන්නේ.
ආණ්ඩුව බොහෝ ප්‍රශ්න මග ඇරලා මාරු වෙන්න උත්සාහ කරනවා
විපක්ෂය කෙසේ වෙතත් පරීක්ෂණයක් වෙන්න ඕන මොකද ආණ්ඩුව උත්සාහ කරනවා හුඟක් දේවල් යට ගහන්න. මොකද අපි දැක්කා මුදල් අමාත්‍යාංශයේ සිදුවීමේ දී වෙච්ච මරණයක් සම්බන්ධයෙන් අර කෝටි අසූවක් පන්නපු එක සම්බන්ධයෙන් ඒක ඒ වෙලාවෙ ම සියදිවි හානි කර ගැනීමක් කියල යටගැහුවා. හැබැයි මේකෙදි ලොකු සමාජ කතිකාවතක් හදන්න උත්සාහ කරනවා. මේ හැම එකක් ගැනම සාධාරණ පරීක්ෂණයක් වෙන්න ඕන. අපි එන්න ඕන කියන ඕනම වෙලාවක යනවනේ.ඒ හින්දා එක ගැන ප්‍රශ්නයක් නෑ.මග හරින්න හේතුවක් නෑනේ. හැබැයි දැනට ඉන්න ආණ්ඩුව බොහෝ ප්‍රශ්න මග ඇරලා මාරු වෙන්න උත්සාහ කරනවා.හැබැයි ඉතින් එහෙම ලිස්සල ගිහිල්ලා හරියන්නෙ නැහැ.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
