Image

තලපති විජයට සජිත් සුබ පතයි

තලපති විජයට සජිත් සුබ පතයි

තමිල්නාඩුව සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කළ ප්‍රධාන අමාත්‍ය විජේ (@actorvijay) මැතිතුමාට මාගේ උණුසුම් සුබපැතුම් එක් කරමි.

සමාජ සාධාරණත්වය සහ ආගමික කටයුතු විෂයයෙහි රාජ්‍ය අත පෙවීම් සිදු නොකිරීමේ ස්ථාවරය පදනම් කරගත් නව යුගයක් පිළිබඳව ඔබ විසින් අදහස් දක්වන ලදි. ඉතිහාසය අපට පෙන්වා දී ඇත්තේ වෛරය සහ පැරණි තුවාල මත පමණක් ගොඩනැඟුණු සමාජ අවසානයේ හුදකලා වන බවත්, සාධාරණත්වය සහ සහජීවනය මත ගොඩනැඟුණු සමාජ විසින් මිනිසුන් සැබවින්ම ජීවත් වීමට කැමති අනාගතයක් නිර්මාණය කරනු ලබන බවත් ය.

ලෝකය දැනටමත් බෙදීම්වලින් පිරී පවතී. අපේ කලාපය පුරා සිටින ජනතාව සැබවින්ම අපේක්ෂා කරන්නේ භාෂාව, ආගම හෝ අනන්‍යතාවය කුමක් වුවත් සමාජ ප්‍රගතිය, යුක්තිය සහ ස්ථාවරත්වයයි. අපව වෙන් කරන කරුණු ප්‍රමාණය ඉක්මවා අප අතර ඇති සමානතා ලක්ෂන සහිත පොදු කරුණු කාරණා බොහෝ පවතී.

මෙම නව පරිච්ඡේදය ප්‍රගතිය, කරුණාව මෙන්ම අතීතයේ අන් අය දුරස්ථභාවයක් ඇති කළ තැන්හි අවබෝධය ඇති කිරීමට අවශ්‍ය ප්‍රඥාව ද ගෙන එනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න