විදුලි ගාස්තු, ඉන්ධන මිල, ගෑස් මිල සහ වැට් බදු ඉහළ නැංවීම හරහා සමස්ත ජනතාවම දැඩි පීඩනයකට පත්ව ඇති බවත්විශේෂයෙන් ගොවි ජනතාවට අවශ්‍ය බීජ, පොහොර සහ කෘෂි යෙදවුම්වල මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති අතර, රජයේ අදූරදර්ශී තීරණ හේතුවෙන් පොහොර බෙදාහැරීමේ ජාලය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” උදා කරනවා කියමින්, “පුනරුද යුගයක්” අභිශේක ගන්වන්නට මේ රටේ 68 ලක්ෂයක ජන වරමක් ලබා බලයට පැමිණි වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු කඩ කරමින්, දිනපතා ජනතාව මත “මාරාන්තික ආර්ථික ප්‍රහාර” එල්ල කරමින් සිටින්නේ යැයි ද ඔහු වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ කරුණාතිලක හේරත් කළ ප්‍රකාශය ඇත්ළත් සම්පූර්ණ වියමනයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
