දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු දිවියෙන් සමුගනී

දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වන දිල්ලි ගනේෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය.

ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ ඊයේ (09) රාත්‍රියේ නිවසේදීම ඔහු මියගොස් ඇති බවය.

ඔහු අවසන්වරට සිය රංගනයෙන් දායක වී ඇත්තේ මීට මාස කිහිපයකට ඉහතදී තිරගත වූ 'Indian-2' යන චිත්‍රපටයේ ය.

දිල්ලි ගනේෂ් මහතා වේදිකා නාට්‍යවලින් සිය රංගන දිවිය ආරම්භ කර ඇති අතර මිය යන විට චිත්‍රපට 400කට අධික සංඛ්‍යාවකට මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ද සිය රංගනයෙන් දායක වී තිබේ.

දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු දිවියෙන් සමුගනී

අජිත් ගේ පච මෝල චොර වෙයි : වරුණ දිනවන්න සජබ ලොක්කන් ග්‍රවුන්ඩ් බහියි !

අජිත් මාන්නප්පෙරුම ගම්පහ සජබ ආසන සංවිධායක කමින් අයින් කලාට පස්සෙ තැන් තැන්වල දුක් ගැනවිලි කියන්නෙක් බවට පත්වෙලා. ඉන්න තැන කෙලින් හිටගෙන ඉන්නේ නැතුව ආසයි බයයි කොරන්න ගිහින් චොර වෙලා .

ආරංචියෙ හැටියට මිනිහා ලක්ෂ 3-4 වියදම් කරල යූටියුබ් වල සාකච්ඡා කීපයකුත් කලා. ඊට පස්සෙ ගෑස් සිලින්ඩරේ රුවන්‍ විජේවර්ධනත් එක්ක එකතු වෙලා වරුණ එක්ක සජබෙට ආපු යූඇන්පී සාමාජිකයන්ට රැස්වීම් කීපයකුත් තිබ්බා. පෞ අහිංසක යා.

ඒත් ඉතිං ගම්පහ ආසනයේ පලාත් පාලන සහ පලාත් සභා අපේක්ෂකයන් 39 ක් දැන් ඉන්නෙ වරුණ එක්ක. ඒ උදවිය
මේ දවස්වල ඒ අය වරුණ වෙනුවෙන් බැහැලම වැඩ.

ඊයේ (28) දවසෙ ගම්පහ ආසනේ රැස්වීම් 14ක් ලෑස්තිකරල තිබුනෙ වරුණ හර්ෂණ සහ අජිත් බස්නායකට සහය දෙන්න
හැබැයි එදා උදේම අජිත් එයත් එක්ක ඉදලා දැන් වරුනට උදව්කරන අද රැස්වීම් තියෙන හැම කෙනාටම කතා කරලා.

"මාස දෙකකින් මම ආයෙ ගම්පහ සංවිධායක වෙනවා.ජන්දෙන් පස්සෙ සජිත්වත් නායක කමින් අයින් කරන්න අපි වැඩ ලෑස්ති කරල තියෙන්‍නෙ" ඒ හින්ද නොමිනේෂන් ඕනෙ නම් අද රැස්වීම් කැන්සල් කරන්න " කියලා සද්දයක්‍ දාලා . (ද සිහින )

28 දවල් හර්ෂණයි වරුණයි මාකවිට පැත්තෙ රැස්වීම්වල ඉන්නකොට හදිසියේම සජබ මහලේකම් කෝල් කරල "වරුණ මම සභාපතිතුමත් එක්ක එනවා අද කොහෙද ඔයා ඉන්නෙ කියලා අහලා."
මහ මැතිවරණයක් පැවැත්වෙන කාලයෙ පක්ෂයක සභාපති සහ මහලේකම් කියන්නෙ අතිශය කාර්‍යබහුල දෙන්නෙක්.

මේ දෙන්නම එකතුවෙලා එකට ගම්පහ වරුණ රාජපක්ෂගෙ පොකට් මීටින් මාලාවකට සභභාගී උනා.

අජිත් මාන්නප්පෙරුම ඉවත් කරල පත්කරපු වරුණගෙ රැස්වීම් වලට ඇවිත් මේ දෙන්න කිව්වෙ, වරුණ කියන්නෙ කකුල් දෙක දැපැත්තෙ තියන් ඉන්නෙ නැති , ඉන්න තැන කොන්ද කෙලින් තියන් ඉන්න කොල්ලෙක් කියලා.

වරුණට මේ සහතිකේ දෙන්න පක්ෂෙ ලොක්කො දෙන්නෙක් හදිසියෙ ගම්පහ ආවෙ ඇයි.

වරුණ පරද්දන්න මාලිමාව සහ එජාපය ඒකාබද්ද මාධ්‍ය මෙහෙයුමක් පටන් අරන් තියන වෙලාවෙ

මේ දෙන්න ගම්පහ ආවෙ ස ජ බෙ සාමාජිකයක්ට පොඩි සිග්නල් එකක් දෙන්නද? අපිට වරුන ඕනෙ කියන්නද ?

ආසනය පුරා රෑ 11 වෙනකම් කරක්ගහපු රංජිත් - ඉමිටියාස් දෙපොල ගම්පහින් ගිහින් තියෙන්නෙ සජබෙ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානම සහ එකම රැස්වීමත් ගම්පහට නගරයට දෙන්න පොරොන්දු වෙලා කියලයි ආරංචිය . ඒ කියන්නේ වරුණ ඊළඟ පාර්ලිමේන්තුවේ ඕනම චරිතයක් කියලා සජබ නායක සජිත් ප්‍රේමදාස තීන්දු කරලා ඉවරයි . දැන් තියෙන්නේ වැඩේ කෙරෙන්න. ඔන්න ඔහොම තමයි සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ .

අජිත් ගේ පච මෝල චොර වෙයි : වරුණ දිනවන්න සජබ ලොක්කන් ග්‍රවුන්ඩ් බහියි !

ඉම්රාන්ගේ බිරිය ඇප මත නිද­හස්

පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී මාස 9කට පසු ඇප මත බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

ඉම්රාන් ඛාන් අග­මැ­ති ­ධු­රයේ සිටි­යදී රාජ්‍ය­තා­න්ත්‍රි­ක­ය­න්ගෙන් ලැබුණු වටිනා ත්‍යාග භාණ්ඩා­ගා­ර­යට ලබා නොදී සිය හිත­ව­තුන් අතර බෙදා දුන් බව­ටත්, තවත් ත්‍යාග ප්‍රමා­ණ­යක් අධික මිල­කට අලෙවි කර මුදල් උපයා ගත් බව­ටත් චෝදනා ලැබූ බුෂ්රා බීබී වසර 14ක සිර­ද­ඬු­වම් නියම වූ අතර, ඇය පසු­ගිය ජන­වා­රි­යේදී බන්ධ­නා­ගා­ර­ගත කර තිබිණි.

රාව­ල්පිණ්ඩි නුවර අඩි­යලා බන්ධ­නා­ගා­රයේ රඳවා තබා සිටි ඉම්රාන්ගේ බිරිය ඇප මත නිද­හස් කර ඇත්තේ ඉස්ලා­මා­බාද් මහා­ධි­ක­ර­ණය නියෝ­ග­යෙන් බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.

බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස ලැබූ බුෂ්රා බීබී මෝටර් රථ පෙළක ආර­ක්ෂාව මැද සිය නිවෙස වෙත පැමි­ණෙද්දී මාර්ගයේ දෙපස රැඳී සිටි විශාල පිරි­සක් ඇයට සුබ පැතූ බවත්, ඇය පිළි­ගැ­නී­මට ඇගේ නිවෙස අසල ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නාය­ක­යන් සහ හිත­වා­දීන් විශාල පිරි­සක් රැස්ව සිටි බවත් ඩෝන් පුවත් සේවය සඳ­හන් කළේය.

ඉම්රාන්ගේ බිරිය ඇප මත නිද­හස්

ජනප්‍රිය ‘One Direction’ සංගීත කණ්ඩායමේ හිටපු ගායක Liam Payne ජීවිතක්ෂයට

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘One Direction’හි හිටපු සාමාජිකයෙකු වූ ලියම් පේන් මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඔහු ආජන්ටිනාවේ පිහිටි හෝටලයක තෙවන මහලෙන් ඇද වැටී මිය ගොස් ඇති බව ය.

මිය යන විට ඔහු 31 වන වියේ පසු විය.

ලියම් පේන්ගේ මරණය සැලවීමෙන් පසු රසිකයින් දහස් ගණනින් ඔහු ඇද වැටී මිය ගොස් ඇති හෝටලය අසලට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2010 වසරේ ආරම්භ වූ One Direction සංගීත කණ්ඩායම කෙටි කලක් තුළ ලොව අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් බවට පත් විය.

මෙම සංගීත කණ්ඩායමේ ‘What makes you beautiful’, ‘Night Changes’ සහ ‘Steal My Girl’ වැනි ජනප්‍රිය ගීත සහිත ඔවුන්ගේ ඇල්බම ලොව පුරා පිටපත් මිලියන 70කට අධික සංඛ්‍යාවක් විකිණී තිබේ.

ජනප්‍රිය ‘One Direction’ සංගීත කණ්ඩායමේ හිටපු ගායක Liam Payne ජීවිතක්ෂයට

Telegram ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට

ටෙලිග්‍රෑම්හි ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහුගේ පෞද්ගලික ජෙට් යානය Le Bourget ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු පවෙල් ඩුරොව් පොලිසිය විසින් රඳවාගෙන සිටි බවයි.

ජනප්‍රිය පණිවිඩ යැවීමේ යෙදුමක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ටෙලිග්‍රෑම්හි සාපරාධී භාවිතයන් මැඩලීමට පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඩුරොව්ට චෝදනා එල්ල වි තිබේ.

Telegram ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට

තරුෂිගේ ඔලිම්පික් ඇඳුම කෞතුකාගාරයට

ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙවර ඔලිම්පික් උළෙලේදී භාවිතා කළ ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අයත් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා පරිත්‍යාග කර තිබෙයි.

එම කෞතුකාගාරය ස්විස්ටර්ලන්තයේ පිහිටා තිබෙන බවයි වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ඇඳුම් කට්ටලයේ ඇයගේ අත්සනද සටහන් කර තිබෙන බවයි.

තරුෂිගේ ඔලිම්පික් ඇඳුම කෞතුකාගාරයට

ශාරුක්, ධනවත් අතිනුත් පෙරමු‍ණේ.......

ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබේ.

එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන ශාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300කි.

ෆෝර්බ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය නළුවන් අතරට අමීර් ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්මාන් ඛාන් ද අයත් වන අතර දකුණු ඉන්දීය නළුවන් කිහිපදෙනෙක්ද ඇතුළත්ව සිටී.

ශාරුක්, ධනවත් අතිනුත් පෙරමු‍ණේ.......

යොහානි, ”Breakout Star” සම්මානය ලබයි

මුම්බායිවල පැවති ”Shows of India Conclave 2024” හිදී ”Breakout Star” ලෙස යොහානි ද සිල්වා සම්මානයට පාත්‍රවී තිබේ.

මෙම සම්මාන උ⁣ළෙල පසුගියදා පැවැත්වුණේ “Shows Of India Conclave”, එහි සිව්වන සංස්කරණය සනිටුවහන් කරමිනි.

සම්මානය ලද යොහානි සිය සමාජ මාධ්‍ය වේදිකාවන් හි සඳහන් කර තිබුණේ, ලද සම්මානය ගැන නිහතමානීව සතුටට පත්වන බවත් ඉදිරියේදී නව නිර්මාණ තුළින් රසිකයින් හමුවට පැමිණෙන බවයි.

යොහානි,  ”Breakout Star” සම්මානය ලබයි

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න