ජනප්‍රිය නිළි පේශානි ඒකනායක ගැන පහුගිය දිනවල සමාජ මාධ්‍යයේ වැඩි කතා බහට ලක් වුණා.
ඒ ඇය සම්බන්ධයෙන් මුහුණු පොතේ හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙනුයි.
ඊයේ (09) ඇය තමන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ව්‍යාජ සටහන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් යොමු කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් ඇය සිය මුහුණුපොතට වීඩියෝවක් එකතු කර තිබුණේ ප්‍රාදේශීය පුවත් වෙබ් අඩවියක ලාංඡනය භාවිතා කරමින් වංචනික ලෙස පුද්ගලයකු විසින් මෙම ව්‍යාජ සටහන නිර්මාණය කර ඇති බව පවසමින්.
සමාජ මාධ්‍ය ඔස්සේ එම ව්‍යාජ සටහන බෙදාගත් සහ අදහස් පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පේෂානි වැඩිදුරටත් සඳහන් කළා.
''අදාළ අයට විරුද්ධව නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වෙයි. මං වෙනුවෙන් වචනයක් හරි ලියලා තිබුණ මිනිස්සුන්ට තැන්ක් යූ !''
ඇය මුහුණුපොතට එකතු කර තිබුණ වීඩියෝවේ මේ විදයට කියා සිටියා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
