රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ, පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන්ට නිකුත් කළ සිතාසි ලැබී තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා ඉදිරි දින අධිකරණයට වර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (16) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී නිතීපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වසන්ත පෙරේරා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා විසින් මෙලෙස නියෝග කළාය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වසන්ත පෙරේරා වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ මෙම සිද්ධියට අදාළව පැමිණිල්ලේ සාක්ෂි අංක එක සහ දෙක විදේශිය ඉන්දීය ජාතිකයින් වන අතර, අධිකරණයේ පෙනී සිටින ලෙස මේ වනවිටත් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය වෙත සිතාසි යවා ඇති බවයි.
නමුත්, මෙම සිතාසි නිසියාකාරව ලැබී තිබේද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් මතුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් අධිකරණයට කැඳවීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව, සිද්ධියට අදාල නඩුව ජනවාරි 18 යළි කැඳවිමට ද ලෙස කොළඹ මහාධිකරණය අද (16) දින නියම කළේය.
එමෙන්ම එදිනට සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටී නම් බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරීවරයාටද විනිසුරුවරිය නියෝගයක් නිකුත් කළාය.
අද දින බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
නඩු භාණ්ඩ හුවමාරුව පිළිබඳ සාකච්ඡාව
එසේම නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පවසා සිටියේ මෙම නඩුවට අදාළව නඩු භාණ්ඩ වශයෙන් තිබෙන ලේඛනයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන වෙනත් නඩුවක විමර්ශනවලට අවශ්‍ය බැවින් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මහාධිකරණ රෙජිස්ටාර්වරියට ඉල්ලීමක් කර ඇති බවයි.
සැකකරුගේ අත්අකුරු පරීක්ෂා කිරීමට රස පරික්ෂකට යැවීමට අවශ්‍ය බැවින් අල්ලස් කොමිසම විසින් එම ලේඛනය ඉල්ලා කළ ඉල්ලීම අනුව එලෙස නියෝග නිකුත් කර ඇති බවයි නියෝජ්‍ය සෙලිස්ටර් ජනරාල්වරයා පවසා සිටියේ.
එහිදී විනිසුරුවරිය පවසා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදුවන විමර්ශනයකට අදාළ නඩු භාණ්ඩ වශයෙන් තිබෙන අයිතමයක් අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන වෙනත් නඩුවකට ලබාදීම කළ නොහැකි බවයි.
නමුත් අල්ලස් කොමිසම විසින් සිදුකර තිබෙන ඉල්ලීම සහ අද අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම නඩුවට අදාළ විමර්ශන නිලධාරියා සහ අල්ලස් කොමිසම වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණය විභාග වන නඩුවට අදාළ විමර්ශන නිලධාරියා පෙනී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමක් අධිකරණයේදී සිදු කරනු ලැබුවා.
එහිදී විනිසුරුවරිය පවසා සිටියේ මෙම සිද්ධියට අදාළ නඩු භාණ්ඩ ආරක්ෂිත ලෙස සේප්පුවේ තබා ඇති බවට නියෝග කර තිබෙන බවයි. මෙලෙස නඩු භාණ්ඩ අයිතමයක් ගැනීම නඩු දාමයේ සුරක්ෂිත භාවයට බලපෑමක් සිදුවිය හැකි බැවින් විත්තියේ සහ පැමිණිල්ලේ නීතීඥවරුන් පෙනි සිටීමෙන් අනතුරුව එම ලේඛනය ලබා දෙන බවයි.
ඒ අනුව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පවසා සිටියේ එම නඩු භාණ්ඩ සේප්පුව විවෘත කර එම ලේඛනය ලබා ගන්නා අවස්ථාවේදී අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය ඉදිරිපිට ලබා දෙන ලෙසයි.
එම ඉල්ලීම් වලට අදාළව අවසර ලබාදෙමින් මිනිසුරුවරිය පවසා සිටියේ අද දින අධිකර රෙජිස්ටර්වරිය යටතේ එම ලේඛන පරීක්ෂා කර ලබාගත හැකි බවයි.
නමුත් නඩු භාණ්ඩ ලබා ගැනීමේදී නඩු භාණ්ඩ දාමයට යම්කිසි දෙයක් සිදු වුවොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගකීම බාරගත යුතු බවද විනිසුරුවරිය අධිකරණයට දන්වා සිටියා.
සිද්ධියට අදාළ පසුබිම
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනාව වලින් චෝදනා ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
