Image

චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කරයි

චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කරයි

සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් චෝදනා ගොනු කර තිබෙන චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කළ බව අල්ලස් කොමිසම විසින් අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැනුම් දුන්නේය.

අද දහවල් මෝසමක් ගොනු කරමින් අල්ලස් කොමිසම විසින් මේ බව දන්වා සිටි අතර, සිද්ධියට අදාළව මෙම සැකකරුගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට ඉදිරි පියවර ගන්නා බව පෙර නඩු දිනයේ දී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබුණි.

මෙම සිද්ධියට අදාළ දෙවැනි සැකකරු වන නීතිඥ රඛිත රාජපක්ෂ යන අයගේ සුඛෝපභෝගී වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් 4ක් ද ඉකුත් දා මහාධිකරණය විසින් තහනම් කර තිබුණා.

තවද, මෙහි තෙවැනි සැකකරු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අයගේ බිරිඳට සහ පියාට අයත් වාහන 2ක් තහනම් කිරීමට කටයුතු කළ බවද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.

2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ප්‍රකාරව මෙම දේපළ අත්හිටුවීමට පියවර ගත් බවයි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ නීතිවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම සැකකාර චරිත් අබේසිංහට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබුණි.

ඒ අනුව, මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස චරිත් අබේසිංහ, දෙවැනි සැකකරු ලෙස රඛිත රාජපක්ෂ සහ තෙවැනි සැකකරු ලෙස වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අයවලුන් රක්ෂිත බන්ධනාගාරගත කර මේ වන විට ඇප මත මුදාහැර සිටිති.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 8 වන දින නඩුව යළි කැඳවීමට නියෝග කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න