V2025

ගොසිප්

අගමැති පුතු මැච් එකේ නෑ : ශූට් එකේ විතරයි !

තමන් මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බවට පළ වන වාර්තා අසත්‍ය බව අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ පවසයි .

දඹුල්ල කණ්ඩායම සමග එම කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම සමඟ තමන්ගේ පින්තූර කිහිපයක් පළ වූයේ එහි තේමා ගීතයකට අදාල රූප රචනා කටයුතු සිදු කිරීමේදී ගත් ඒවා බව ඔහු පැවසීය.

තමන් එම කණ්ඩායමේ නිල තේමා ගීතය නිර්මාණය කිරීමට සම්බන්ධ වී සිටින බවද ඔහු සඳහන් කරයි.

මීට පෙර තමන් විසින් පැවසූ පරිදිම ‍ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට තමන් සහභාගී නොවන බවද ඔහු කියා සිටියේය.

image 63645b6362

නයනතාරාටත් කොරෝනා

ජනප්‍රිය රංගන ශිල්පිනි නයනතාරා වික්‍රමාරච්චිට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ඊයේ දිනයේ සිදුකළ කොවිඩ් පරීක්ෂණයකින් ඒ බව තහවුරු කර ගත් බවයි.

ඒ අනුව නිවසේ සිට නිරෝධායනය වෙමින් සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන බව ද නයනතාරා සදහන් කර තිබේ.

එම පණිවුඩය මගින් ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ පසුගිය දිනවල තමන් සම්බන්ධ වූ සියලු දෙනාම කොවිඩ් පරීක්‍ෂා කර බලා ගන්නා ලෙස නයනතාරා වික්‍රමාරච්චි ඉල්ලා සිටියි.

nayana fb

රස වැඩියෙන් ලුණු අඩුවෙන් : වැඩේ මුල්තැන ශිරන්තිට !

ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ "රස වැඩියෙන් ලුණු අඩුවෙන් ආහාර පිසීමේ ජාතික අභියෝගය-2021" අවසන් මහා තරගය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (30) කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.

මීට අදාළ නිවේදනයක් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත්කර ඇති අතර එහි මෙසේද සඳහන් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේ පළමු වටය සඳහා නිර්ණායක සපුරන ලද සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් හතළිහක් තරග වැදුනේය.

එම කණ්ඩායම් හතළිහෙන් විස්සක් දෙවැනි වටයටත් දෙවැනි වටයේ ප්‍රතිඵල අනුව කණ්ඩායම් පහක් අද දින පැවති අවසන් මහා තරගයටත් තේරී පත්ව තිබේ.

අවසන් තරගය පැවැත්වෙන අවස්ථාවට පැමිණි අග්‍රාමාත්‍ය ආර්යාව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස විසින් පිළිගනු ලැබුවාය.

අනතුරුව අවසන් මහා තරගයට එක්වූ තරගකරුවන් හා සුහඳ කතාබහක නිරත වූ අග්‍රාමාත්‍ය ආර්යාව එම කණ්ඩායම් පිසින ලද ආහාරවල රස බැලුවාය.

අධික ලුණු භාවිතය සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන අතර අධි රුධිර පීඩනය සහ ඊට අදාළ සංකූලතා ඇතිවීමේ අවදානම ඉහළ යයි.

දෛනික ලුණු පරිභෝජනයෙන් සියයට 80ක් නිවසේ පිසින ලද ආහාරවලින් ලැබෙන බැවින් ආහාර පිසීමේ දී ලුණු අඩු කිරීම සෞඛ්‍යට ඇති අහිතකර බලපෑම අවම කරයි.

ලුණු අඩු ආහාර වේලක ඇති වැදගත්කම පිළිබඳව ආහාර තාක්ෂණ සහ සූපශාස්ත්‍ර කටයුතුවල නියුතු වන්නන් මෙන්ම මහජනතාවට අවබෝධයක් ලැබෙන පරිදි මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු සහ යුනිසෙෆ් ආයතනයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් සහභාගී වී සිටියහ.

ශලනිටත් කොරෝනා…

ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකාට කොවිඩ් – 19 ආසාදනය වී තිබේ.

ඇය මේ සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවේ සටහනක්ද තබා ඇත.

තමන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවත් ටෙලි නාට්‍ය රූගත කිරීම් අතරතුර ශිල්පීන් කිහිපදෙනෙකුට කොඩි ආසාදනය වී තිබීම හේතුවෙන් තමන්ද PCR පරීක්ෂණයක් සඳහා භාජනය වූ බවත් එහිදී තමන්ට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බවත් ඇය පවසයි.

හරීන්ට සුවයි

හෘදසැත්කමකට මුහුණ දී ප්‍රතිකාර ලබමින් සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු  සුවය ලබා ඊයේ (09) යළිත් සිය නිවසට පැමිණ තිබේ.

තමන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයටත් තමන් පිළිබඳ සොයා බැලූ සියලුම දෙනාටත් තමන්ට ආශිර්වාද එක් කළ සියලුම දෙනාටත් ඉතාමත්ම ස්තූතිවන්ද වන බව ඔහු වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

උමාරියාගේ ලයිෂන් කැන්සල් !

රාජගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ ඇප මත මුදා හැර ඇත.

රාජගිරිය ගුවන් පාලම අසලදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් ඇයව ඊයේ (31) අත්අඩංගුවට ගනුලැබූ අතර පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.

ඇප මත නිදහස් කලද ඇයගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

උමාරියා විසින් පදවන ලද මෝටර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

යොහානිගේ ‘‘මැණිකේ මගේ“ ලොව ජනප්‍රියම ගීත 10 අතරට

නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණය ගීතය අසා තමා මහත් සතුටක් ලැබූ බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකා තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස්  පැවසුවාය.

මෙම ගීතය ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ජනාකීර්ණ වීදියක කැරොලිනා ප්‍රොටෙසෙන්කෝ නම් 13 හැවිරිදි වීදි වයලීන ශිල්පිණියක කළ අනුවාදන සංගීතය රස වීදීමේ පසු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව පැවසුවාය.

මේ පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් තැබූ සටහනේ මෙසේද සදහන් වේ.

''ශ්‍රී ලංකවේ ගීතයක් වූ ''මැනිකේ මගේ හිතේ ගීතය'' කැලිෆෝනියාවේ වීදියකදී කැරොලිනා වයලීනයෙන් වයනු අසා මම මහත් සතුටක් වින්දා. මම බලාපොරොත්තු වෙනවා ඔබත් ඒ අයුරින්ම සතුටු වෙයි කිය. සංගීතය විශ්ව භාෂාවක් බව මින් වඩ වඩාත් තහවුරු වූ යැයි ද තානාපතිවරිය සිය ට්විටර් සටහනේ සදහන් කර තිබිණි.

නව පරපුර් ගායකාවක වන යොහානි ද සිල්වා ගායනා කළ ''මැණිකේ මගේ හිතේ '' ප්‍රතිනිර්මාණ ගීතය මේ වන විට අන්තර්ජාලයේ යූ ටියුබ් මාධ්‍යය ඔස්සේ කෝටි 12 ක පමණ පිරිසක් නරඹා ඇති අතර ලොව ප්‍රසිද්ධ ගීත දර්ශකවල ජනප්‍රියම ගීත 10 අතර රැදී සිටී.

උමාරියා පොලිස් අත්අඩංගුවට

ප්‍රසිද්ධ ගායිකාවක වු උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී ඊයේ (31) සවස තිරෝද රථයක ගැටීමෙන් සිදු වූ සිදුවූ අනතුරක් හේතුවෙන් ඇය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය ගැටී ඇති තිරෝද රථයේ රියදුරා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ාමෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් එය පැදවූ උමාරියා සිංහවංශ  අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

මිස් ටීන් බොට්ස්වානා ඉන්ටර්නැෂනල් ගිම්හානි !

මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021” කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත්ව ඇත.

17 වැනි වියේ පසුවන මෙම රූපසුන්දරිය ඊයේ (19) දිනයේ මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත්ව ඇති අතර ඇය බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ” දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එම තරගයට එක්ව ඇත.

පහත දැක්වෙන්නේ තරගය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගිම්හානි පෙරේරා සිය ෆේස්බුක් ගිනුමේ තබා ඇති සටහනකි.

Screenshot 20210920 205310

FB IMG 1632151359190

FB IMG 1632151363780

FB IMG 1632151366898

botswaba beuty ii

botswaba beuty i

ඉසුරු උදාන ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

Isuru Udana 1 908x1024

තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙමින් තමන් මෙම තීරණයට එළඹි බව ඔහු සිය ලිපිය මගින් පවසා ඇත.

2009 වසරේ දී පන්දුවාර 20 යි 20 ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූ ඉසුරු උදාන මේ දක්වා ජාත්‍යන්තර ඒක්දින තරග 21 ක් ජාත්‍යන්තර හා පන්දුවාර 20-20 තරග 35ක් ක්‍රීඩා කර ඇත.

ඉසුරු උදාන සිය සමුදීම පිළිබඳ ට්ව්ටර් සටහනක් ද තබා ඇත.459e60b0 e7m5nhuveae3jbp 1024x538

 

ඉතාලි පොහොට්ටුව පුපුරයි : කෑම වේලක් කරපු හදියක් !

13වන ඉරිද ඉතාලියෙ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකරල යුක්තිය ඉටු කරන්න කියල කරපු සාමකාමී උද්ඝෝෂණයෙන් පස්සෙ ඉතාලියෙ පොහොට්ටු ආධාරකරුවො දෙකඩ වෙලා කියලයි ආරංචිය.

උද්ඝෝෂණය වෙනුවෙන් නීත්‍යානුකූලව අවසර ගත්ත කාන්තාව මහින්දල උද්ඝෝෂණයට කලින් හිටපු හෝටලේට ගෙන්වගෙන වැඩේ දියාරු කරන්න සාකච්ඡා කරල.

අවසර ගත්ත කෙනාම යුරෝපයේ නන් දෙසින් එන්න හිටපු අයගෙ පැමිණීම වලක්වන්න ලොකු ට්‍රයි එක්ක් දීල.

අපරාදෙ ට්‍රයි එක.

කොහොම උනත් 300ක් විතර සහභාගී වෙලා සාර්ථක සාමකාමී විරෝධයක් අවසන් කලා.

එදා ඒක අලකරන්න බැස්සා කියලා පෙන්නන්න, කොහෙද තියෙන තාප්පයක් ගාව ෆොටෝස් ටිකක් අරගෙන බුකියට දාලා.

මහින්ද අගමැතිගෙන් ලකුණු දාගන්න කරාට අගමැති සත පහකට ගණන් අරගෙන නෑ.

දැන් කවුරුත් කියන්නේ විස්කි බෝතලේට බඩගෝස්තරේට නිවුස් විකුනන දඹේලා, එක්ක ඉතාලියෙ ඇඟ බැදපු "ලියා" ඇතුලු අටේ කල්ලිය මහින්ද රකින්න බොලොඤ්ඤො ගිහින් පච වෙලා ඇවිත් කියලා.

මොකද මෙයාලව සත පහකට ගණන් නොගත්තට, ඉතාලියෙ ඉන්න පොහොට්ටුවෙ කලු කෝට් කල්ලියට මහින්ද කන්න බොන්න දීල සංග්‍රහ කරල.

ඒ හින්දම දැන් අතලොස්සක් හිටපු මහින්දගෙ පොහොට්ටු පොකුර දෙකඩ වෙලාලු.

ඔක්කොටම වඩා වැඩේ කියන්නෙ කලක් ඉතාලිය්ව් නිදහස් පක්ෂෙ හිටපු සභාපති අශෝක හෙට්ටිආරච්චි වත්මන් ඉතාලි පොහොට්ටු පක්ෂෙ සභාපති අටේ කල්ලිය නොමඟ යවල හොරෙන්ම ගිහින් මහින්ද හමුවෙලා ඉතාලියෙ තියන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙ සැබෑ කලකිරීම ගැන ගතු කියල සූර් වෙලා එද්දි, ඉතාලි ආරක්ෂක අංශ විසින් එලවපු අටේ කල්ලියට මාට්ටු වෙලා……

ඒකෙන් තමයි වැඩේ දුරදිග ගිහින් තියෙන්නෙ...කොහොම උනත් ඒ අල්ල පනල්ලෙ කලින් ඔක්සිජන් කන්නද අහපු කෙනාගේ පස්සේ ගිය, පාර වෙනස් කරලා වෙන කෙනෙකුට කඩේ යන විඩ්ජියට හිටපු , පද්මලාල් ඇතුලු කෝට් කල්ලිය මහින්ද හමුවෙන්න ඊයෙ, 14 ගිහින් කාළ බීල ජයවේවා කියල මදිවට ඒව ෆේස්බුක් එකේ ලයිව් දීල…….

ඕකට එකසීය ගානට අටේ කල්ලිය උරණ වෙලා දැන් අටේ කල්ලිය ජමන්තිර වෙලාලු ඉන්නෙ.

කෝට් කල්ලියත් සියල්ලෝම කතෝලික නිසා සාමකාමී උද්ඝෝෂණය මගහැරල එන්නෙ නැතුව ඉඳල තියෙන්නෙ , අටේ කල්ලිය මහින්ද වෙනුවෙන් කොහොම හරි සහභාගී වෙමු කියල දහ දොලොස් පාරක් ඉල්ලල තියෙද්දි කියලයි ආරංචිය

කෝට් කල්ලිය හැමදාම කලේ ලකුණු දාගන්න එක එක තමයි හරි බලා ගමු කියලා මිලානෝ වල සාන්ත අගොස්තීනෝවල දැන් හරි හරියට කතාවෙනවලු

IMG 20210915 WA0000

IMG 20210915 WA0003

බාර් එක ලැබුණු හංසමාලි කවුද ? (වීඩියෝ )

උතුරු වසන්තය සහ නැගෙනහිර වසන්තය යන ව්‍යාපෘති වල දූෂණ වංචා ගණනාවක් සිදුව ඇති බවත් ඒවාට කැබිනට් ඇමතිවරුන් ද සම්බන්ධ බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානකියන් පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

"උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියට දීලා තියෙනවා පෙට්‍රල් ස්ටේෂන් එකක්. මේක ගැන හොයලා බලන්න. මොකද මේ පෙට්‍රල් ස්ටේෂන් එක දීලා තියෙන කට්ටිය, මේකෙ ඉන්න ඩීලර්ස්ලා කවුද කියලාත් පොඩ්ඩක් හොයලා බලන්න. මේකෙ එක ඩීලර් කෙනෙක් ඉන්නවා මිසිස් යූ.ජී.ඊ. හංසමාලි කියලා. හංසමාලි කියලා නම කියපු ගමන් පොඩ්ඩක් හොයලා බලයි දැන්. නෑ, නෑ, ඒ හංසමාලි නෙවෙයි මේ වෙන හංසමාලි කෙනෙක් මං හිතන්නෙ ... ඇමතිතුමා මේ ඇමතිතුමාගෙ ප්‍රශ්නයක් නෙවෙයි"

මන්ත්‍රීවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත වීඩියෝවේ.

සන්තුෂ් , උමාරියා සහ ඇගේ සැමියාටත් කොරෝනා !

ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශට සහ ඇයගේ සැමියාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

ඔවුන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

එසේම ජනප්‍රිය සංගීත ශිල්පී සංතුෂ් වීරමන්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් ඔහුද මේ වන විට පෞද්ගලික රෝහලක විසින් පාලනය කරනු ලබන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු වී සිටින බවත් වාර්තා වෙයි.

මීට පෙර B & S සංගීත කණ්ඩායමේ භාතිය ජයකොඩිටද කොරෝනා වෛරසය ආසාදන වී තිබිණි.

ගණිකා නිවාස මඩක් ගැන කියන්න අනූෂා CIDට

වලාන පොලිස් දූෂණ මර්දන ඒකකය මගින් මාලඹේ ප්‍රදේශයේදී නිවසක් වටලා ගණිකා සේවයේ නිරත ලාංකික තරුණියන් 03දෙනෙකු සහ තායිලන්ත තරුණියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිු බවටත් මෙම ස්ථානයේ සැබෑ හිමිකරු රංගන ශිල්පිණී අනූෂා දමයන්ති බවටත් ඇය පොලිසිය භාර ඇමතිවරයාට කතා කර තරුණියන්ට නවාතැන් සැපයූ තම බෝඩිමක් බව පවසා අත්අඩංගුවට ගත් අය වහාම මුදා හැරගෙන ඇති බවත් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ කතාවක් පැතිර යයි.

ඒ සම්බන්ධයෙන් අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් සිදු කර ඇත.

ඇය සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය හරහා තමාට සිදුකරන දැඩි මඩ ප්‍රහාර දරාගත නොහැකි බැවින් මෙලෙස පැමිණිලි කිරීමට කටයුතු කළ බවයි.

''මට ෆේස්බුක් එකේ දැඩි මඩ ප්‍රහාරයක් යනවාග සරත් වීරසේකර ඇමතිතුමාවත් සම්බන්ධ කරගෙනග රාජපක්ෂ කඳවුර වෙනුවෙන් මම දැඩිව සටන් කරපු කෙනෙක් නිසා වෙන්න ඇති කියලා මම හිතනවාග කාන්තාවක් විදිහට ෆේස්බුක්වල යන ඒ දේ කිසිසේත්ම සුදුසු නෑග කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගනයේ අපරාධයක් තමයි ඒ සිද්ධ වෙන්නේග නින්දිත විදිහට ඒ ක්‍රියාව සිදුවෙනවාග මම හීනෙකින්වත් හිතපු නැති දේවල්ග මම සමාජයේ සුදුසු නැති ක්‍රියාවක යෙදුනා සහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා කියලාග වලාන දූෂණ මර්දන ඒකකයෙන් මගේ නිවස වැටලුවාට පස්සේ මම සරත් වීරසේකර ඇමතිතුමාට කෝල් කළා කියලාග සමාජය බුද්ධිමත්ග ඒත් සමහර අය හිතන්න පුළුවන් මේක ඇත්ත කියලාග ෆේස්බුක් එක හරහා මේ වගේ අපහාස කරනවා කියන්නේ මේක මිනිහෙක්ව මරණවා හා සමානයි."

නළු රවීන්ද්‍ර යසස්ටත් කොරෝනා

ප්‍රවීන වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළුවකු වන රවීන්ද්‍ර යසස්ට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට ඔහුගේෙ ‍ ෆේස් බුක් ගිණුමෙහිද සටහන් කර ඇත.

රවීන්ද්‍ර යසස්  බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ද වේ.

නිරූපණ ශිල්පිනියකට අගමැතිගෙන් පත්වීමක්

අගමැති මහින්ද රාජපක්ෂ  වෙනුවෙන් නව සම්බන්ධීකාරක ලේකම්වරියක් ඊයේ (09) දිනයේදී පත්වීම් ලබා තිබේ.

මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන කෞෂි වෙඩිකාරආරච්චි  එම තනතුරු සඳහා මෙසේ පත්වීම් ලබා ඇත.

ඇය නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කරන අතර සිරස රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ලෙසද කටයුතු කර තිබේ.

නව තනතුර සදහා පත්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ දිනයේදී ලබා දී ඇති අතර ඇයගේ සැමියා ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපතිවරයා වන දමිත වික‍්‍රමසිංහ බව පැවසේ.

214082912 4428454043845317 3575808400958012168 n

Kaushi Weddikkaraarachchi 2021

Kaushi 01psd

පේටන්ට් ලැබුණ ලංකාවේ වැඩක් : හදවතේ සහ රුධිර සංසරණ රෝග වේලාසන !

නව නිර්මාණයක් ලෙසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ජෛව වෛද්‍ය (BIOMEDICAL) නිපැයුමක් සදහා අමෙරිකා එක්සත් ජනපදයෙන් පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව හිමිව තිබේ.

වසර 06කට අධික දිගුකාලීන විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් නිර්මාණය කර ඇති JENDO නැමැති මෙම තාක්‍ෂණික නිපැයුමෙන් හදවත සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග පෙර තියා හඳුනාගැනීමේ හැකියාව පවතින බව මීට ආදාළ පර්යේෂණ සිදු කළ කණ්ඩායමේ ප්‍රධානී කීර්ති කොඩිතුවක්කු පැවසීය.

කොළඹ වෛද්‍ය විද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨය සහ Jendo Innovations ආයතනය මෙම නිපැයුම සම්බන්ධයෙන් පර්යේෂණ සිදු ක තිබේ. ඒ සදහා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු හා ඉංජිනේරුවරු කණ්ඩායමකගේ දායකත්වය ලබා දී ඇත.

මෙම තාක්ෂණික නිපැයුම ඔස්සේ රුධිර සංසරණ පද්ධතියේ තත්ත්වය පරික්‍ෂාවට ලක් කිරීම තුළින් හදවත් රෝග පමණක් නොව වකුගඩු සහ ලිංගික පද්ධතියේ රෝගද හඳුනාගැනීම අවස්ථාව පවතී.

ශ්‍රී ලංකාවේ පැවැති වෛද්‍ය සමුළුවලදී මේ සම්බන්ධයෙන් හැදින්වීම් කර ඇති අතර ජාතික විද්‍යා පදනමේ උපදෙස් මත අදාළ තාක්ෂණික නිපැයුම වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව උදා වූ බවත් රජයේ සහයෝගය ඒ සදහා ලැබුනු බවත් කීර්ති කොඩිතුවක්කු මහතා සදහන් කළේය. ඒ ඔස්සේ මේ සම්බන්ධ පර්යේෂණ තවත් දියුණු කර ගැනීමට ද හැකියාව ලැබී තිබේ.

මෙරට වෛද්‍ය හා ඉංජිනේරු අංශවල දැවැන්ත පිම්මක් ලෙස මෙම ජෛව වෛද්‍ය (BIOMEDICAL) නිපැයුම හැදින්විය හැකි බවත් මීළඟ අදියර ලෙස මෙය තවත් ප්‍රචලිත කිරීම සදහා අන්තර්ජාතික වෛද්‍ය සමුළුවෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව කීර්ති කොඩිතුවක්කු වැඩිදුරටත් පැවසීය.

001

002

003

මහින්දට leave අනුමතයි

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහට මාස 03 ක නිවාඩුවක් ලබාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (06) සම්මත විය.

මෙම නිවාඩුව ලබාදී ඇත්තේ විදේශගතව සිටියදී ඔහු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.

කෙසේ වෙතත් තමා ලබන 08 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණෙන බව මහින්ද සමරසිංහ පවසා ඇත.

මහින්ද සමරසිංහට නිවාඩු ලබා දීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සභානායක දිනේෂ් ගුණවර්ධන  විසිනි .

Page 3 of 4