පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබෙනවා.
ඒ රුපියල් 100,000ක ශරීර ඇපයක් මතයි.
පසුගිය ජනවාරි මස 08 වැනිදා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණු අතර ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අවස්ථා කිහිපයකදී පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දී තිබූ පසුබිමක අද පොලිසියට භාර වීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
