2026 අන්තර් විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා තරගාවලිය හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පසුගියදා පැවති අතර, එහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසරේ අධ්‍යාපනය ලබන ප්‍රවීන් ජයතිලක විශිෂ්ට දස්කම් දක්වමින් නව තරගාවලි වාර්තා ත්‍රිත්වයක් පිහිටිවීමට සමත් විය.
ඔහු විසින් බිඳ හෙළන ලද සහ සම කරන ලද ප්‍රධාන ඉසව් මෙසේයි:
· පිරිමි මීටර් 400 ඉසව්ව: නව තරග වාර්තාව තත්පර 46.53 කි. (පැරණි වාර්තාව: තත්පර 48.75)
· පිරිමි මීටර් 200 ඉසව්ව: නව තරග වාර්තාව තත්පර 21.44 කි. (පැරණි වාර්තාව: තත්පර 22.04)
· පිරිමි මීටර් 100 ඉසව්ව: (කාලය තත්පර 10.82 ක් ලෙස සටහන් කරමින්, තරගාවලි වාර්තාව සම කිරීමට සමත් විය.
සටහන - සමීර මදුසංක හේවා ගමගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
