රුපියල් මිලියන 43.84ක (රු. 43,840,000) වීථි වටිනාකමකින් යුත් 'කුෂ්' (Kush) වර්ගයේ ගංජා තොගයක් සමග සැකකරුවෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් විසින් අද (16) අලුයම 12.30ට පමණ ගුවන් තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ හරිත මාවතේදී (Green Channel) සිදු කළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි, වෘත්තියෙන් යාන්ත්‍රික ශිල්පියෙකු (Mechanic) ලෙස සේවය කරන 30 හැවිරිදි ශ්‍රී ලාංකික පුරවැසියෙකි. ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට ක්වාලාලම්පූර් හරහා පැමිණි මැලේසියානු ගුවන් සේවයට අයත් MH 0179 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.
සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී, බලධාරීන්ගේ අවධානයෙන් මිදීමේ අරමුණින් විදේශීය මත්පැන් ඇසුරුම් පෙට්ටි දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් පහක අසුරන ලද ග්‍රෑම් 4,384ක් (කිලෝග්‍රෑම් 4.384ක්) පමණ බරැති මෙම 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගය රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා සැකකරු, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ අදාළ නඩු භාණ්ඩ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) වෙත භාර දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
