පනින්න සැරසෙන උන්නැහැ කෙනෙක්...

පනින්න සැරසෙන උන්නැහැ කෙනෙක්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රනිල් සමග නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ඡන්දය ඉල්ලා දැන් මැතිසබේට පත්ව සිටින කළු කෝට් අදින ප්‍රකට නීතිඥ පවුලක හොඳ හොඳ වැඩ වලට ප්‍රසිද්ධ මන්ත්‍රීතුමෙක් තමන් නියෝජනය කරන පක්ෂය සමඟ කලකිරිලා වෙනත් පාටියකට යන්න දැන් සාකච්ඡාව පටන් අරන්ලු.

මෙයා පක්ෂය සමඟ කලකිරුනේ තමන්ට ලැබිය යුතු තැන පක්ෂය විසින් කොළඹ හිටපු ඇමතිවරයකුට දෙන්න තීරණය කිරීමලු.

එයා පක්ෂ ගණනාවක හිටපු කෙනෙක් කියලා මෙයා චෝදනා කරනවා.

ඒක දැනගත්ත ශ්‍රීලනිප පැත්තේ සමහර උදවිය කියන්නේ ඔය කළු කෝට් අඳින මන්ත්‍රීතුමා හිටියෙ නැත්තේ එල්ටීටීඊ යෙ විතරයි කියලයි. ඒ වගේ හැමතැනම හිටපු කෙනෙක් අනෙක් මිනිස්සුන්ට ඇඟිල්ල දික්කිරිම විහිළුවක් බවයි එයාල කියන්නේ...

ඒ කොහොම වුනත් ඔය මන්ත්‍රීතුමා වයඹින් පත්වෙච්ච දයාබර මන්ත්‍රීතුමෙකුත් එක්ක අලුත්ම ගේමකට ලෑස්ති වෙනවා කියලයි ආරංචි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න