ලීක්වුන සතර කන් මන්ත්‍රණය....

ලීක්වුන සතර කන් මන්ත්‍රණය....

ඊයේ පෙරේද දවසක ආණ්ඩුවේ "නානා" වැඩකරන බලවත් ඇමැති කෙනෙක් සහ වටගලක් නොවී මුල් ගලක් වෙච්ච උප ඇමති සයිස් මහත්තයෙක් ඊළඟට ඇතුළට දාන්න තීන්දු කරලා ඉන්න විපක්ෂයේ දේශපාලනඥයෙකු ගැන ලොකු කතාබහක් කරමින් හිටිය.

ඒගොල්ලන්ගේ කතාවේ මාතෘකාව වුනේ විපක්ෂයේ හඬක් නගන 'මල්'මන්ත්‍රීතුමාලු දැනටමත් පමා උනා වැඩියි එයාගේ වැඩේ බලාගන්න" කියලා" නානා "තුමා
එයා එක්ක සංවාදයකට එකතු වෙලා හිටිය උපඇමති සයිස් මහත්තයට කිව්වා.

"මේ දවස්වල අපට තියෙන කරදරවල හැටියට ඔය හාදය ඇතුලට දැම්මොත් නන් රටේ මාතෘකාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ නිසා අද හෙටම මොනවා හරි
කරනවා නම් කරන්න ඕන. ඒ ගැන මම කාකි සූට් ලොක්කත් එක්ක කතා කරලා බලන්නමි" කියලා එයාපිළිතුරු දුන්නලු....

කොහොම හරි මේ කතාව එදා දවසේ හවස් වෙනකොට විපක්ෂයේ ඉන්නව "මල් "මන්ත්‍රීගෙ කනේ තිබ්බේ ඒගොල්ලන්ගේ අමාත්‍යංශයේම ඉන්න දෙපැත්තම බැලන්ස් කරන පොරක්ලු.

ඊළඟට කාකි සූටි දෙපාර්තමේන්තුවේ ඉන්න කර වෙච්ච පොරක් එක්ක උප ඇමති සයිස් මහත්තයා සංවාදයක යෙදුණු බවත් ආරංචියි. ඒත් ඒ කතා කතාවේ ප්‍රතිඵලය නම් තවම දැනගන්න ලැබුණේ නැහැ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න