V2025

විනෝදාස්වාද

මයිකල් ස්ලේටර් අධිකරණයට !

ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ දක්ෂතම පිතිකරුවෙකු වශයෙන් සළකන මයිකල් ස්ලේටර් ට එරෙහිව "පොලිසියට පහරදීම" සම්බන්ධව

ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින සංචිත නම් කරයි

නවසීලන්ත තරග සංචාරයට එක්වන විස්සයි විස්ස සහ එක්දින සංචිත නම්කර තිබේ.

බොහෝ කලකට පසු ඇන්ජලෝ මැතිව්ස් එක්දින කණ්ඩායමට නම්කර ඇති අතර, ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් යළි විස්සයි විස්ස සංචිතයට නම්කර ඇත.

එම සංචිත පහතින්.

එක් දින සංචිතය

දසුන් ශානක

පැතුම් නිස්සන්ක

නුවිදු ප්‍රනාන්දු

කුසල් මෙන්ඩිස්

ඇන්ජලෝ මැතිව්ස්

චරිත් අසලංක

සදිර සමරවික්‍රම

ධනංජය ද සිල්වා

සහන් ආරච්චිගේ

වනිදු හසරංග

මහේෂ් තීක්ෂණ

කසුන් රාජිත

ලහිරු කුමාර

ප්‍රමෝද් මදුෂාන්

දිල්ෂාන් මදුසංක

චාමික කරුණාරත්න

විස්සයි විස්ස සංචිතය

දසුන් ශානක

පැතුම් නිස්සන්ක

කුසල් මෙන්ඩිස්

චරිත් අසලංක

ධනංජය ද සිල්වා

කුසල් ජනිත් පෙරේරා

සදිර සමරවික්‍රම

නුවිදු ප්‍රනාන්දු

වනිදු හසරංග

මහේෂ් තීක්ෂණ

දුනිත් වෙල්ලාලගේ

කසුන් රාජිත

ලහිරු කුමාර

දිල්ෂාන් මදුසංක

චාමික කරුණාරත්න

මතිෂ පතිරණ

නවසීලන්තය හා පළමු T20 සටනේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (අප්‍රේල් 2) ඕක්ලන්ඩ්හිදී ආරම්භ වූ පළමු T20 තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදු වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක පන්දු ඕවරය මහීෂ් තීක්ෂණ විසින් යැවී ය.

එහිදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 8ක් රැස් කළේ ය.

ඒ අනුව, ලකුණු 9 පන්දු 3ක් තුළදී ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය වාර්තා කිරීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායමේ නායකයා දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට ආරාධනා කළේ ය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 196ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 196ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස් කළ අතර සුපර් ඕවරයෙන් තරගයේ ජය තීරණය විය.

මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000 සීමාව පසුකරයි

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 සීමාව පසුකර ගිය තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.

ඒ නවසීලන්තයට එරෙහිව ඔහු ලකුණු 47ක් රැස්කිරීමත් සමගිනි.

මෙම තරගයට පෙරාතුව මැතිව්ස් ටෙස්ට් තරග 100කදී ලකුණු 6953ක් රැස්කරගෙන සිටි අතර අද (09) රැස්කළ ලකුණු 47ත් සමගින් ඔහු ලකුණු 7000 සීමාව අභිබවා ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයන් අතර තෙවැනි ස්ථානයේ සිටි සනත් ජයසූරිය තරග 110කදී ලකුණු 6973 රැස්කර ගෙන සිව්වැනි ස්ථානය දක්වා පහළ ගියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරය ඔහු තරග 134කදී ලකුණු 12400ක් රැස්කරගෙන සිටින අතර සාමාන්‍ය 57.40ක් වෙයි.

මේ අතර අද ආරම්භ වූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වෙනුවෙන් කඩුළු 6ක් දැවී ලකුණු 305ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 83කදී ලකුණු 87ක් රැස්කර ගැනීමට සමත් විය.

නායක දිමුත් කරුණාරත්න රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 50කි.

Page 14 of 34