V2025

විනෝදාස්වාද

නව ආසියානු වාර්තාවක් සමග මීටර් 800 කාන්තා රන් පදක්කම ලංකාවට !

මේ වන විට තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගය අද (16) පැවති අතර ඊට සහභාගි වූ ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න විනාඩි 2.00.66කින් තරගය නිමකර නව තරගාවලි වාර්තාවක් සමග රන් පදක්කම දිනා ගත්තා ය.

ඒ සමග මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවද ඇය නමට ලියවිණ.

මෙම තරගයේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ගයන්තිකා අබේරත්න විසින් දිනුගනු ලැබීය.

තරුෂි කරුණාරත්න බිඳ හෙලුවේ 1998දී චීන ක්‍රීඩිකාවක් විසින් තැබූ තරගාවලි වාර්තාවකි.

එමෙන්ම ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලි වාර්තාවක් බිහිකළේ සුසන්තිකා ජයසිංහ වන අතර එය 2002 වසරේ දී මීටර් 200 ඉසව්ව වෙනුවෙන් පිහිටුවා තිබුණි.

ඒ අනුව ශ්‍රී ලාංකිකයෙක් ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලි වාර්තාවක් බිහිකළේ වසර 21කට පසුව වීමත් විශේෂත්වයකි.

අවසන් තරගයේ ජයත් ලංකාවට

එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් ද ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේය.

සිම්බාබ්වේහි, හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසුණි.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5ක දී සියලුදෙනා දැවී ලකුණු 233ක් ලබාගත්තේය.

ආරම්භක කඩුල්ල ලෙස සදීර සමරවික්‍රම ලකුණු 19කට දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 23කට දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සහන් ආරච්චිගේ අද සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 57ක් ලබාගැනීමට සමත්වුණි.

කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්, චරිත් අසලංක ලකුණු 36ක් සහ වනිදු හසරංග ලකුණු 29ක් ලබාගත්හ.

නායක දසුන් ශානක එක් ලකුණකටත්, ධනංජය ද සිල්වා ලකුණු 4කටත් දැවී ගියේය.

පන්දුයැවීමේ දී ලොගාන් වෑන් බීක්, රයන් ක්ලෙයින්, වික්‍රම්ජිත් සිං සහ සඛිබ් සුල්ෆිකර් කඩුලු දෙක බැගින් බිඳහෙළුහ.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 234ක ඉලක්කය හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම සියලුම ක්‍රීඩකයින් දැවී රැස්කළේ ලකුණු 105ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා Lincoln එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 128ක ජයක් ලබාගත්තේය.

පෝර්ට් සිටි කෘත්‍රීම වෙරළ ජනතාවට විවෘත යි

කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණි.

 මෙම වෙරළ තීරය දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වෙයි.

මෙම කෘතීම වෙරළතීරය නැරඹීමට මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයන්ටද අද සිට නොමිළේ අවස්තාව හිමිවේ.

පෝර්ට් සිටි සංකීර්ණ තුළ ඉදිවූ ඇවිදින මංතීරුව ජනතාවට නැරඹීමේ අවස්ථාව ලැබුණු අතර ඊට ආසන්නයේම අද විවෘත වූ මෙම කෘතීම වෙරළ තීරයද මෙරට ජනතාවට නවමු අත්දැකීමක් එක් කරනු ඇත.

මෙම කෘතීම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද මහජනතාවට විවෘත කර තිබේ.

කෘතීම වෙරළ තීරයේ දිය නෑමට සහ ජල ක්‍රීඩා ඇතුළු අංග රැසකින් විනෝද වීමට දෙස් විදෙස් ලොකු කුඩා සැමට අවස්තාව හිමිවේ.

මෙය ශ්‍රී ලංකාවට විදෙස් ආයෝජන ගෙන ඒමට ද රුකුලක්වනු ඇති බවට විස්වාස කෙරේ.

View the embedded image gallery online at:
http://www.newstube.lk/entertainment?start=36#sigProId9f5fa3c8d3

ලංකා කාන්තා ක්‍රිකට් : නවසීලන්තයට එරෙහිව පළමු තරගාවලි ජය ලබයි !

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලබමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබීමට අද (03) සමත් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලැබූහ.

වර්ෂාවෙන් තරගයට බාධා ඇතිවීම නිසා මෙම තරගයේ ඉනිමක් ඕවර 31 කට සීමා වූ අතර පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 31 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 127 ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕවර 29 දී ලකුණු 196 ක ඉලක්කයක් භාර වූ අතර එම ඉලක්කය ඕවර 26.5 කදී සම්පූර්ණ කිරීමට චමරි අතපත්තු ඇතුළු පිතිකාරියෝ සමත් වූහ.

චමරි අතපත්තු අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 80 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 140 ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට ජය ගෙන ඒමට සමත් වූවාය.

චමරි අතපත්තු මෙම තරග තුනේදී රැස්කළ දෙවැනි ශතකය මෙය වන අතර චමරි මෙහිදී පන්දු 60 කින් ශතකය සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල ඕවර 31 කදී කඩුලු 2 ට 127 (සුසි බාටිස් නොදැවී 63, සොපී ඩෙවිනේ නොදැවී 38) ශ්‍රී ලංකා කාාන්තා ක්‍රිකට් පිල ඕවර 26.5 කදී කඩුලු 2 ට 196 (චමරි අතපත්තු නොදැවී 140, නිලක්‍ෂි ද සිල්වා නොදැවී 28)

Page 10 of 34