Language Switcher

Ad

Ad 01

V2025

උණුසුම් වන කාලගුණය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳවයි.

අද (15) ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (16) දිනය දක්වා වලංගු වේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් “අවධානය යොමු කල යුතු” මට්ටමක උණුසුම් දර්ශකය පැවතිය හැකි බවද එහි සඳහන් වේ.