V2025

විනෝදාස්වාද

ප්‍රවීණ ගේය පද රචක හේම ශ්‍රී ද අල්විස් දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ ගීත රචකයෙකු මෙන් ම ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ හේම ශ්‍රී ද අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 81ක් වන වියේ පසු විය.

හේම ශ්‍රී ද අල්විස් ගුවන් විදුලියේ අවුරුදු තිස් දෙකක් පුරා විවිධ තනතුරු හොබවමින් සේවය කළ මෙරට ප්‍රවීණ ගේය පද රචකයෙකි.

ඔහු ලියූ ගී අතරින් ශ්‍රීනි විභූෂිත ලංකා ගීතය ඉතිහාසගත වූ ගීතයකි.

එම ගීතයට අමතරව හේම ශ්‍රී ද අලවිස් සූරීන් ගීත හාර දහසකට අධික සංඛ්‍යාවක් ලියා තිබේ.

ඒ අතර, රසික හදවත් පිනවූ ඔහුගේ බිරිඳ අයිරින් ද අල්විස් ගැයූ, ‘දෑස පා සිනා කියන රහස තේරුණා’, සුජාතා අත්තනායක ගැයූ ‘දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා’, එච්.ආර්. ජෝතිපාල ගැයූ ‘පෙර දිනෙක එදා හමු වූයේ’ සහ ‘ඔබ දැකුමෙන් මා සිත ලැබුවේ හැකි ඉහළ ම සතුටයි මෙලොවේ’, මොහිදින් බෙග් ගැයූ ‘ඇයි බඹරෝ පෙම් මල අතහැරලා’ හා ‘පුංචි පුතේ පුංචි දුවේ ඉපැදුණු සිරි ලක්බිමේ, රැක්මණී දේවි ගැයූ ‘සඳක් නැගේ සඳක් දිලේ සාගරේ’, ඉන්ද්‍රානි පෙරේරා ගයන ‘ඔබ සොයනා කළු කෙල්ල මමයි’ ආදී ගීත වේ.

ඔහු පිළිබඳව පසුගිය දා දැඩි කතා බහට ලක් වූයේ, හේම ශ්‍රී මහතා සහ ඔහුගේ බිරිඳ වූ අයිරින් ද අල්විස් පත්ව තිබූ දුක්බර තත්ත්වය හේතුවෙනි.

අයිරින් ද අල්විස් මහත්මිය 2018 වසරේදී ජීවිතක්ෂයට පත් වූ අතර මිය යන විට ඇය 74 වන වියේ පසු වූවා ය.

හේම ශ්‍රී ද අලවිස් සූරීන් ගී පද ලියද්දී අයිරින් ද අල්විස් ගැයූ ගීත සංඛ්‍යාව දහසකට අධික ය.

හේම ශ්‍රී මහතාගේ දේහය 50/9, මැද පාර, තල්පිටිය උතුර, වාද්දුව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (දෙසැ. 5) සවස 4.00ට තල්පිටිය සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත ය.

20යි 20 ලෝක කුසලානය එංගලන්තයට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

ඒ පාකිස්තානය කඩුලු 5කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව පිටියට පිවිස පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්විය.

එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂාන් මසූඩ් ලකුණු 38ක් රැස්කළ අතර නායක බාබර් අසාම් ලකුණු 32ක් රැස්කළේය.

පන්දු යැවීමේදී සෑම් කරන් කඩුලු 3ක් දවාගත්තේය.

ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5 දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්වුණි.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 52 රැස් කළ අතර නායක ජොස් බට්ලර් 26ක් රැස් කළේය.

ගුවන් විදුලි නිවේදකයකු, ප්‍රවීණ රංගන ශිල්පියෙ වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ගුවන් විදුලි නිවේදකයකු , ප්‍රවීණ රංගන ශිල්පියෙ වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 93 හැවිරිදි වියෙහි පසුවිය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඇල්ෆ්‍රඩ් පෙර්රා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු වශයෙන් ද දීර්ඝ කාලයක් කටයුතු කර ඇත.

ඔහු කලක් පිලිපීනයේ මැනිලා නුවර වෙරිටාස් ගුවන්විදුලි සේවයේ සිංහල අංශය භාරව ද කටයුතු කළේය.

ගුවන් විදුලියේ ඉතා ජනප්‍රිය විනෝද සමය වැඩසටහනේ නිර්මාතෘවරයා මෙන්ම ආරම්භක නිවේදකයා ද වූයේ ද ඇල්ප්‍රඩ් පෙරේරා මහතා චිත්‍රපට ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක විය.

ඔහුගේ දේහය මාකොළ සුප්‍රීම් අවමංගල ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු දළුගම දේවස්ථාන සුසාන භූමියේදී අනිද්දා (22) පස්වරු 3.30ට සිදු කෙරේ

මංගල මතක අලුත්කර කණ්ඩෙත් යන්නම ගියා !

හිටපු පාර්ලිමේන්තු මංත්‍රී අභහවප්‍රාප්ත මංගල සමවීරයන් ගේ සමීපතම පෞද්ගලික ආරක්ශයකු මෙන්ම විශ්වාසවන්ත රැකවලෙක් ලෙස ක්‍රියා කළ කළණ මිතුරකුවන අතර මංගලගේ රැඩිකල් දේශපාලන තීන්දු තීරණවලදී ඔහු සමග නොසැලෙන ගුණයෙන්, බලය ඇතිදා මෙන්ම නැතිදා ද මංගල තනි නොකෙරූ අපූරු මිනිසෙක් විය.

අද මාතරම මළ ගමක්…. නිහතමානී ලසන්ත මාතරම හඬවයි……..

මාතර නගරයම හඬවමින් ලසන්ත සුදත් හේවා කණ්ඩම්බි අද අනාරක්ෂිත දුම්‍ රිය හරස් මගකදී සිය ජීවිතයට සමුදුන් පුවතින් මාතර,වල්පොල,වේරගම්පිට, පිලදුව,කන්දෙවත්ත මෙන්ම තදාසන්න ප්‍රදේශවල ජනතාව මහත් සේ කම්පාවට පත්ව ඇත..

මක්නිසාදයත් බලය ඇතිදා මෙන්ම බලය නැතිදා ද, ශ්‍රී ලාංකීය දේශපාලනයේ දැවැන්තයා ලඟ ඉතා සුහදශීලීව කුළුපඟව පෞද්ගලික ආරක්ෂකයකු ලෙස ක්‍රියා කළ ලසන්ත කණ්ඩම්බි කිසිදා මාතර ජනතාවට දේශපාලන "හයිය" නොපෙන්වූ නිසාය………

තවද ලොකු කුඩා භේදයකින් තොරව සියළු මාතර ජනතාව සමග ඉතා සුහදව මෙන්ම මිත්‍රශීලීව තම ජීවිතය සැහැල්ලුවෙන් යථාර්ථ අවබෝධයෙන් ගෙවූ ලසන්ත කණ්ඩම්බි ගේ නිසල දේහය අද මාතරම එකම මළගමක් බවට පත්කිරීමට තරම් ප්‍රභල වූයේ රටටම අවැසි මොහොතේ රටම හඬවා මතක ඉතිරි කොට නික්ම ගිය "මතක මංගල ගේ" අභාශයෙන් පෝෂණය වූ නිසාත් ශ්‍රී ලාංකේය පළමු තොමසුවේ ආදි සිසුවෙක් වූ නිසාත්‍ ය…..

 ශ්‍රී ලාංකේය පළමු තොමසුවේ වර්ණලාභී ලසන්ත ගැන බිඳක්………..

ලසන්ත කණ්ඩම්බි උපතින්ම ක්‍රීඩාවේ දස්කම් රැගෙන ආ නිර්භය අපූර්ව මිනිසෙක්…..

ඓතිහාසික රුහුණේ ශ්‍රී ලාංකේය පළමු තොමසුවේ ක්‍රීඩා ද්විතවයකට ම එකසේ දස්කම් දැක්වූ සොයුරෙක්.
ඒ පාපන්දු සහ ක්‍රිකට්.

පාපන්දු කණ්ඩායමේ පසුපෙල ක්‍රීඩකයෙක් වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයක්.

දකුණතින් වේග පන්දු යවන, වමතින් පිත්ත හැසිරවූ දුලබ හැකියාවක් සතු ක්‍රීඩකයෙක්.

පාසැල් කණ්ඩායමේ විටෙක ආරම්භක පන්දු යවන්නා, විටෙක ආරම්භක පිතිකරු කලක් පාසැල් කණ්ඩායමේ උප නායක ලෙස පාසලට වර්ණ ලභාදුන් අද්විතීය ක්‍රීඩකයෙක්……..

ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා ද්විත්වයේම මාතර ක්‍රීඩා සමාජය නියෝජනය කල දුලභ ක්‍රීඩකයෙක්.

මාතර පොලිස් ක්‍රිකට් කණ්ඩායම මෙන්ම පාපන්දු කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයෙක්.IMG 20221027 WA0022

මංගලගෙන් අණතුරුව සමාජ මාධ්‍ය කැළබූ ලසන්ත කණ්ඩම්බි ගැන මාතර අදහස් …….

මාතර බහුතර ජනතාව ලසන්ත කණ්ඩම්බි ගේ වියෝව තම පවුලේ ශෝකාන්තයක් බවට පත්කොට හමාරය……

ස්වභාවය සෞසෞන්දර්ය සමග මෙන්ම වර්ථමාන ලෝකය සමග ගණුදෙනු කළ කණ්ඩම්බි රැඩිකල් මැද මාවතේ ගමන් කළ ඓතිහාසික රුහුණේ මාතර පුරවැසියෙක් ලෙස ජනහදවත් ආකර්ශනීය කළ සටන් සගයෙක්…….

තම පවුල් ජීවිතය සියල්ලටම ප්‍රථමයෙන් තැබූ ලසන්ත කණ්ඩම්බි පියවරුන්ට අරුමයක් …… මක්නිසාදයත් ඒසා විශාල ආවරණයක් සහිත ලසන්තගේ පියසෙනෙහසම ලසන්තට මරු කැඳවූ බවට යන තහවුරු නොකළ පුවත්‍ ය.

ලසන්ත කණ්ඩම්බි නම් අසහාය සටන් සගයා වෙනුවෙන් ඔහු නියෝජනය කළ කඳවුරත්, කිසිදා පඬුරු පාක්කුඩම් වලට විශ්වාසය පාවා නොදුන් "ලසන්ත හේවා කණ්ඩම්බි" වෙනුවෙන් අද අපට අපේ ලොක්කා "මංගල මහත්තයා " නැති උනාවගේ වේදනාවක්…….

මතක මංගල එක්ක මාතර අපි එනකල්ම අල්ලගෙන ඉන්න කණ්ඩෙ අයියෙ……

-සුමුදු මද්දුමආරච්චි -
වේරගම්පිට,
මාතර.

Page 16 of 34