විනෝදාස්වාද

සංගක්කාර ICC හෝල් ඔෆ් ෆේම් ලැයිස්තුවට
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ” හෝල් ඔෆ් ෆේම් ” (ICC Hall of Fame) ක්‍රීඩක ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ නමත් ඇතුළත් කර තිබේ.
ලබන 18 වනදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීව මෙම විශේෂ ” හෝල් ඔෆ් ෆේම් ” ක්‍රීඩක ලැයිස්තුව එළිදක්වා තිබේ.
කුමාර් සංගක්කාර හෝල් ඔෆ් ෆේම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ 1996 සිට 2015 කාලයට අදාළවයි.
ඔහු එම ලැයිස්තුවට එක් වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වේ.
මෙතෙක් එම ලැයිස්තුවට මෙරටින් නම් කර ඇත්තේ සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පමණි.
Page 44 of 44