විනෝදාස්වාද

ලෝක රොබොටික්ස් රන් පදක්කම ශ්‍රී ලංකාවට
ග්‍රීසියේ පැවති 06 වැනි ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියට (06th Global Challenge Robotic Competition) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සිසුන් 05 දෙනෙක් ඉංජිනේරු නිර්මාණයක් (Engineering Disign Best in World) ඉදිරිපත් කර එම තරගාවලියේ ලෝකයේ විශිෂ්ටතම ඉංජිනේරු නිර්මාණයට හිමි ප්‍රථම ස්ථානයට පත් වෙමින් රන් පදක්කම දිනාගෙන පෙරේදා (30) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. මෙම තරගාවලිය ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී ඉකුත් 26 වැනිදා සිට 29 වැනිදා දක්වා ලෝකයේ රටවල් 193ක තරගකරුවන් 1,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා තිබිණි.
එහිදී මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ ඉංජිනේරු නිර්මාණය ලෝකයේ සියලු රටවල් අභිභවා ප්‍රථම ස්ථානයට පත් වී තිබිණි. මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය කොලොම්බියාවටත් තෙවැනි ස්ථානය ඉන්දියාවටත් හිමි වී තිබිණි.
රවීන් අකුරැටියාව, තරුල් සේනානායක, හිවීන් රාමචන්ද්‍ර, සුපුල් බද්දේගම සහ මලීක රැඩිගල මෙම තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෝ වූහ.

කමිඳුගෙන් ලෝක වාර්තාවක්
පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (ලකුණු 50 සීමාව පසු කළ) වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්වුණි.
ඒ අනුව වසර 132ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සැලකෙයි.
නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී ඔහු මෙම වාර්තාව තැබීය.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.
එහිදී නොදැවී ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා සිටියේය.
අද දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.

කමිඳු ලෝක වාර්තාව බිඳ දමයි
ලෝක ටෙස්ට් ක්‍රීඩාවේ අඩුම තරග ගණනකදී වේගයෙන් ලකුණු 1000ක් පසුකළ ලොව පළමු ක්‍රීඩකයා බවට කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තාවක් පිහිටුවයි.
කමිඳු සිය 8 වැනි ටෙස්ට් තරගයේදී ඊයේ ලකුණු 1000 පසුකළ අතර, 1925 දී ඔස්ට්‍රේලියාවේ හර්බට් සට්ච්ක්ලිෆ් තම 9 වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 1000 පසුකොට තිබූ වාර්තාව වසර 99කට පසු බිද වැටුණි.
නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ ඊයේ දෙවැනි දිනයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කමිඳු නොදැවී ලකුණු 182ක් ලැබීමත් සමඟ ඔහුගේ ටෙස්ට් ලකුණු ගණන 1004 දක්වා ඉහළ ගියේය.
මෙතෙක් ශ්‍රී ලංකාවේ පිතිකරුවකු අවම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය වේගවත්ම පිතිකරුවා කමිඳුවන අතර, හිටපු ටෙස්ට් පිතිකරු රෝයි ඩයස් ඉනිම 23කදී මෙම දස්කම දක්වා තිබිණි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරතාවය දිනයි !
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූහ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම ශූරතාවය දිනා ගැනීමට සමත්වූයේ පළමු වරට වීමද විශේෂත්වයකි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස්කළේය.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 167ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අතපත්තු පන්දු 43කදී ලකුණු 61ක් ලබා ගත් අතර ජයග්‍රහණයේ නියමුවා වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කළාය.
ඇයට අනගි සහයක් දුන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30ක් ලැබුවාය.
මේ අතර, පළමු වරට ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් එක් කර තිබිණ.
Page 9 of 45