V2025

විනෝදාස්වාද

නෙත්මි අහිංසාගෙන් ලෝකඩ පදක්කමක්

නෙත්මි අහිංසා ප්‍රනාන්දු 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම අද (05) දිනා ගත්තාය.

මල්ලවපොර කාන්තා නිදහස් ආර කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයේදී නෙත්මි සමගින් තරග වැදුණේ ඔස්ට්‍රේලියාවේ අයිරින් සිමියෝනිඩිස්.

එම තරගය ලකුණු 10 ට 0 ක් ලෙස ඉතා පහසුවෙන් නෙත්මි ජය ගත්තේ ලෝකඩ පදක්කම තමන් සතු කරගනිමිනි.

මෙය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව දිනාගත් පළමු සහ එකම පදක්කම වීමත් විශේෂත්වයකි.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් සිව්වන පදක්කම ද මෙයයි.

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ දිවි ගමන නිමකරයි

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය  අභාවප්‍රාප්ත වූවාය.

ඇය මියයන විට 73 වැනි වියෙහි පසුවූවාය.

පවුලේ ඥාතීන් සඳහන් කළේ, හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ඊයේ (05) රාත්‍රියේ ඇය අභාවප්‍රාප්ත වී ඇති බවය.

සුමනා අමරසිංහ මහත්මිය සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ රූබී ද මැල් මහත්මිය අධ්‍යක්ෂණය කළ පිපෙන කුමුදු සිනමා පටයෙනි.

සුනේත්‍රා, සූකිරි කෙල්ල, ඔබයි මමයි, සිතක සුවඳ ඇතුළු සිනමාපට රැසකට රංගන දායකත්වය දුන් ඇය, ජනප්‍රියම නිළියට හිමි සම්මානයෙන් අවස්ථා කිහිපයකදී පිදුම් ලැබුවේ ය.

සිනමා පට 6ක් නිෂ්පාදනය කර ඇති ඇය, කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ ප්‍රතිනිෂ්පාදනයේදී ප්‍රකට කළ රංග ලාලිත්‍ය මෙරට ජන මනසේ අදටත් ජීවමාන වේ.

අභාවප්‍රාප්ත සුමනා අමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන දිනය පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේ ය.

ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 39 කින් අද(11) ජය ගත්තේ ය.

සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමට අද සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 151 පමණි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ, පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 364 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව අද පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 554 කි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් විය.

චන්දිමාල් නොදැවී ලකුණු 206ක් ලබා ගත්තේය.

අනතුරුව දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 112 කදී බිඳ වැටුණි.

ඩේවිඩ් වෝනර් ලකුණු 24 කට දැවී ගිය අතර උස්මන් කවාජා ලකුණු 29 ක් ලබා ගත්තේය.

මානස් ලබු‍ෂේන් ලකුණු 32 කට දැවී ගියේ ය.

සුපරි පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 6ක් දවා ගත්තේය.

ඒ අනුව තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 1ක් ලෙස අවසන් විය.

ජොනි ඩෙප් සහ ටෝක්සික් ජුලියට්ලා !

ජොනි ඩෙප් ඇම්බර් හර්ඩ් නඩුවේ මුල් අවස්ථාවේම මම හිතුවා ඩෙප් දිනයි කියල. මම ඒක ලිව්වා. මොකද ඇම්බර් ඒ තරමටම මුල ඉඳලම මේ නඩුව ඇතුලේ පජාත උණා.

බලන්න සෙලිබ්‍රටි ලස්සන ඇතුලේ ඉඳල තියන ත්‍රාඩ ගැහැණිය... සහ ගැහැණියක් වීම නිසාම ලෝකයේ අනුකම්පාව එයාට එයි කියල හිතල කැත වැඩ කරලා තියන හැටි. තනිකර විෂ (toxic femininity).

අපි ගොඩක් දකින්නේ පාදඩ පිරිමි කතා වස්තු. හැබැයි ඒ තරමටම පාදඩ සහ ත්‍රාඩ ආත්මයක් ස්ත්‍රියක් ඇතුළෙත් ඉන්න පුළුවන්. මේ සෙලිබ්‍රිටි නඩුවෙන් ඔප්පු උනේ ඒක. නිකම් හිතන්න තවත් දහසකුත් එකක් සාමාන්‍ය නඩු ගැන.

බටහිර ඉන්නේ ආදරය ඇතුලේ ජීවිතය පුදකළ ජුලියට්ලා විතරක් නෙවෙයි. පසු ධනවාදයේ ජුලියට්ලා ඇතුලේ ටෝක්සික් පාතාල ගැහැණුත් ඉඳල තියනවා.

ජොනී දිනපු එක ගැන නම් පට්ට සතුටුයි. හිරුණිකා ගැන නම් හැමෝම කවි ලියනවා පේනවා.

ඒ දෙක දෙකක්....

විශේෂයෙන් බලය එක්ක සෙල්ලම් කරපු ත්‍රාඩ පාතාල පිරිමි ලෝකෙක හිරුණිකාගේ පැවැත්ම තේරුම් ගන්න පුළුවන්.

හැබැයි කිසිවෙක් අහිංසක නම් නැහැ....?

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

Page 18 of 34