හම්බන්තොටින් තවත් අයිස් කම්හලක් සොයා ගැනේ

හම්බන්තොටින් තවත් අයිස් කම්හලක් සොයා ගැනේ

කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැදවුම් නියෝග මත ප්‍රශ්න කර ‘‘ඇඹිලිපිටියේ සුරංග‘ නැමැත්තාගෙන් ලබා ගත් තොරතුරු මත හම්බන්තොට මයුර නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා ඇත.

එහි තිබී සැක සහිත උපකරණ, රසායනික ද්‍රව්‍ය තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට එම අවහන්හලේ නවතා තිබූ මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

මෙම මෝටර් රථය දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙන අතර, පානදුර නිලංග නැමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා යොදා ගත් එකක් බවටද තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.

මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම මයුරපුර ප්‍ර දේශයේ පිහිටි අවන්හලේ ඉරාන ජාතිකයින් කිහිප දෙනෙකු හා මෙරට පුද්ගලයින් කිහිප දෙනෙකු එක්ව මෙම අයිස් නිෂ්පාදනය කර ඇති බවත්, එම ඉරාන ජාතිකයින් මේ වන විට රටින් පිටව ගොස් ඇති බවද පොලිසිය සදහන් කරයි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු, පසුගිය සතියේ අත්අඩංගුවට ගත් සුරංග නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකි.

mayura

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න