යළි උග්‍ර වෙන කීරි සම්බා සහ සම්බා සහල් හිඟය

යළි උග්‍ර වෙන කීරි සම්බා සහ සම්බා සහල් හිඟය

අද (15) දින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් අදහස් දැක්වීමක් සිදු කළේය.

ඔහු සඳහන් කළේ මේ සම්බන්ධව තොරතුරු පාරිභෝගික කටයටුතු පිළිබඳ අධිකාරියට ලැබුණු බව හා ඒ පිළිබද සිදුකළ සොයා බැලීමකදි එවැනි සහල් හිඟයක් සම්බන්ධව අධිකාරියට කරුණු අනාවරණය වූ බවය.

ගැසට් පත්‍රයක් මගින් පාලන මිලක් නියම කර තිබියදී එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් පවත්නා නීතිය යටතේ අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට අධිකාරිය පියවර ගන්නා බව ඔහු පවසා සිටියේය.

එමෙන්ම මේ සම්බන්දව වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් මේ වන විට 3,000ක් ඉක්මවා වැටලීම් සිදු කර ඇති බවත් 1,000කට ආසන්න ප්‍රමාණයකට නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් මිලියන 95කට ආසන්න ප්‍රමාණයක් අයකරගෙන ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් පවතින සහල් හිඟය හමුවේ නිකුත් කර ඇති ගැසට් පත්‍රය සංශෝධනය කිරීමක් සිදු කිරීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් ගැසට් පත්‍රයේ සඳහන් මිලට සහල් අලෙවි කරන ලෙසත් වී මිලදී ගැනීම් සිදුකරන ලෙසත් විශේෂයෙන් සියලු පාර්ශ්ව වෙත දන්වන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න