විනෝදාස්වාද

ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර දිවියෙන් සමුගනී..
ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ ලක්ෂ්මන් විජේසේකර අද(12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි විජේසේකර මියයන විට වයස අවුරුදු 73කි.
1975 වසරේ ගායන ක්ෂේත්රයට අවතීර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර රංගන ශිල්පියෙකු ලෙස ද සිය ප්‍රතිභාව ප්‍රකට කළ අයෙකි .
රේඛා ටෙලි නාට්‍යයෙන් රංගයෙන් කලා ක්ෂේත්රයට අවතිර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර ගංඟා සහ නිශ්ශංක , ඉර පායා සහ දත්කැකුළු පාලා ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක ප්‍රධාන චරිතය නිරූපනය කළේය.
සඳ කිනිනි නැමී , ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු , දැල් වූ පහන් ඇතුළු ගීත 80 කට ආසන්න සංඛ්‍යාවක් ගායන ක්ෂේත්රයට දායද කර තිබේ.
ලක්ෂ්මන් විජේසේකරගේ දේහය හෙට(13) උදෑසන සිට මහජන ගෞරවය සඳහා ගල්කිස්ස, කලාපුරේ පිහිටි නිවසේ තැන්පත් කර තැබීමට නියමිතය.

වනිඳු පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ලොව අංක 01ට
ලොව අංක එකේ විස්සයි 20 පන්දු යවන්නා ලෙස වනිඳු හසරංග තේරී පත්ව තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඒ බව නිවේදනය කර සිටියේය.
මිට පෙර ලොව හොඳම විස්සයි 20 පන්දු යවන්නා ලෙස ස්ථානය තහවුරු කර ගෙන සිටියේ දකුණු අප්‍රිකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක Tabraiz Shamsiය.
24 හැවිරිදි වියේ පසුවන වනිඳු හසරංග මෙම වසරේ විස්සයි 20 තරගවලදී කඩුලු 34ක් දවා ගෙන ඇති අතර එය වසරක් තුලදී පන්දු යවන්නෙක් එම දක්ෂතාවය දැක්වූ පළමු අවස්ථාව මෙයයි.
දැන් පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන තරගාවලියේ ද කඩුලු 14ක් දවා ගනිමින් වනිඳු හසරංග පන්දු යවන්නන් අතුරෙන් පෙරමුණේ පසුවෙයි.

ඇතුගල වෙඩි තැබීමේ ශූරතාවලිය 2021
Covid-19 වසංගතය හේතුවෙන් වසර දෙකක පමණ තරග නියඟය නිමා කරමින් 2021 වසරේදී මුල්වරට සංවිධානය කෙරුණු ඇතුගල වෙඩි තැබීමේ ශූරතාවලිය (යෞවන හා කනිෂ්ඨ) 2021 ඔක්තෝබර් 22 සිට 26 දක්වා කුරුණෑගල, උහුමීය ඇතුගල මීටර් 10 වෙඩි තැබීමේ ක්‍රීඩාංගණයෙදී පැවැත්විණි.
දිවයිනේ යොවුන් සහ කනිෂ්ඨ වෙඩි තැබීමේ ක්‍රීඩකයින් සඳහා වෙන් වූ මංගල තරගය වන මෙම තරගාවලියේ ප්‍රථම අවස්ථාව වන ඇතුගල වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලදී.
වයස අවුරුදු 18 න් පහළ වෙඩික්කරුවන් සඳහා වන වයස් කාණ්ඩ යොවුන් කාණ්ඩයට අයත් වන අතර වයස අවුරුදු 21 න් පහළ අය කනිෂ්ඨ අංශයට අයත් වේ. තරුණ හා කනිෂ්ඨ යන දෙඅංශයෙන්ම පිරිමි සහ කාන්තා සඳහා වායු රයිෆල් සහ පිස්තෝල ඉසව් මෙම තරඟාවලියට ඇතුළත් විය.
ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනය (NSSF) සංවිධායකයින් විසින් නියම කරන ලද අවම සුදුසුකම් ලැබීමේ ප්රමිතීන් සාක්ෂාත් කර ගන්නේ නම්, එක් එක් කාණ්ඩ හතරෙන් ඉහළම වෙඩික්කරුවන් හය දෙනා ජාතික යොවුන් සහ කනිෂ්ඨ සංචිත සඳහා සලකා බලන ලදී.

ගයන්තිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
99වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා මීටර 5,000 තරග ඉසව්ව විනාඩි 15.55.84කින් අවසන් කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ගයන්තිකා අබේරත්න සමත් වුවාය.
99වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
විනාඩි 16.17.51 කින් එම ඉසව්ව නිමකළ හිරුණි විජේරත්න මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා තිබුණි.
Page 11 of 20